Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පාරමීගෙන් නව ශ්‍රී ලංකා කනිෂ්ඨ වාර්තාවක්

Author(s): 
ප්‍රින්ස් ගුණසේකර

පින්ලන්තයේ පැවැත්වෙන ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකාවේ පාරමී වසන්තී මීටර් 3000 කාන්තා බාධක දිවීමේ නව ශ්‍රී ලංකා කනිෂ්ඨ වාර්තාවක් සමග එම ඉසව්වේ සිය පෞද්ගලික හොඳම දක්ෂතාව වාර්තා කළාය. පින්ලන්තයේ ටැම්පේරා රටීනා ක්‍රීඩාංගණයේ ඊයේ ආරම්භවූ මේ ශූරතාවලියේ පළමු දිනය වූ ඊයේ කුලියාපිටිය මධ්‍ය මහා විදුහලේ පාරමී වසන්තී හා වලල රත්නායක විදුහලේ දිල්ෂි කුමාරසිංහ මීටර් 800 ඉසව්වෙන් තරග වැදුණහ.

පාරමී වසන්තී මීටර් 3000 කාන්තා බාධක දිවීමේ තරගය විනාඩි 10: 20. 12කින් නිමකොට සමස්ත ක්‍රීඩිකාවන් අතුරින් 21වැනි ස්ථානයට පත්වූවාය. එම කාලය අනුව ඇයට අවසන් වටයට සුදුසුකම් ලැබීමේ අවස්ථාව අහිමි විය. පාරමී ජපානයේ ගිෆූහී නිමාවට පත්වූ වයස අවුරුදු 20න් පහළ ආසියා කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේදී මීටර් 3000 බාධක දිවීමේ තරගයේදී නව කනිෂ්ඨ ජාතික වාර්තාවක් ද සමග ශ්‍රී ලංකාවට රන් පදක්කමක් එක්කර දීමට සමත් වූ අතර එහිදී ඇයගේ කාලය වූයේ විනාඩි 10: 21. 54කි.

ඇය මීටර් 2000 බාධක දිවීමේ 18න් පහළ වයස් මට්ටමේදී ලෝකයේ අංක එකේ ක්‍රීඩිකාව බවට පත්ව සිටින අතර ඉදිරියේ ආර්ජන්ටිනාවේ පැවැත්වෙන යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී පෙරැළිකාර ජයග්‍රහණයක් අපේක්ෂා කළ හැකි මට්ටමේ පසුවේ.

වලල ඒ රත්නායක විදුහල දිල්ෂි කුමාරසිංහ මීටර් 800 තරගය විනාඩි 2: 12. 91කින් නිම කොට ඇය සහභාගීවූ මූලික වටයේ තරගයේදී 8වැනි ස්ථානයට පත්වී අවසන් වටයට සුදුසුකම් නොලැබීය. ඇය ජපානයේ නිමාවූ වයස අවුරුදු 20න් පහළ ආසියා කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේදී මේ ඉසව්ව විනාඩි 2: 04. 53කින් නිමකොට ලෝකඩ පදක්කම දිනා ගත්තාය.

අද දිනයේ අරුණ දර්ශන සහභාගීවන මීටර් 400 ඉසව්ව පැවැත්වේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();