අපිත් බොහෝම අමාරුවෙන් නාකයෝ හදාගෙන තැනකට ගෙනා බවත් නමුත් ඒ අය වටා ගොනු වෙන්නේ පසුගිය කාලේ හොරකම් කළ දූෂිත පුද්ගලයින් බවත් ඒ නායකයින්ගේ පිරිහීම පටන් ගන්නේ එතැනින් බවත්, ඒ තත්ත්වය අපි අත්දැකීමෙන් දැක්ක දෙයක් බවත් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග ප්‍රකාශ කර සිටී. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් උපාලි මාරසිංහ රචිත “ඵලදායී රාජ්‍ය ආයතන” හා “ඉදිරිපත් කිරීමේ කුසලතා” යන කෘති ද්විත්වය දොරට වැඩීමේ උත්සවයට සහභාගි වෙමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය අර්ජුන රණතුංග කියා සිටියේ රාජ්‍ය ආයතන පෞද්ගලික කිරීමේ කිසිඳු අවශ්‍යතාවක් නොමැති බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“ක්‍රීඩා කරන කාලේ මමත් නායකයෙක් වෙලා සිටියා. එතැනදී අපි දකින දෙයක් තමයි පුද්ගලයෙක් නායකයෙක් කරන්න බොහෝ අය මහන්සි වෙනවා. අපිත් බොහෝම අමාරුවෙන් නාකයෝ හදාගෙන තැනකට ගෙනාවා. නමුත් ඒ අය වටා ගොනු වෙන්නේ පසුගිය කාලේ හොරකම් කළ දූෂිත පුද්ගලයින්. අන්ත එතැන තමයි ඒ නායකයින්ගේ පිරිහීම පටන් ගන්නේ. ඒ තත්ත්වය අපි අත්දැකීමෙන් දැක්ක දෙයක්. අමාත්යවරයකේ ලෙස අපිත් වැරදි පුද්ගලයෝ ආශ්‍රය කළොත් තමයි අපේ තත්ත්වය නැති වෙන්නේ. ඇත්තටම පුද්ගලයෙක් තැනකට ගේන්න, නායකයෙක් කරන්න මහන්සි වෙන අය නෙමෙයි ඒ නායකත්වය නැති කරන්නේ. බොහෝම අමාරුවෙන් අපි නායකයෝ හදාගෙන තැනකට ගෙනාවාම දූෂිත හොරකම් කරන පුද්ගලයින් ඒ නායකයා, නායකත්වය විනාශ කරලා දානවා. එතොකොට මගේ ලේකම්තුමා උපාලි මාරසිංහ මහතා කිව්වා පෙබරවාරී මාසයේදී විශ්‍රාම ගන්නවා කියලා. එතකන් ඔබතුමාටත් මටත් එකට වැඩ කරන්න අවස්ථාව ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.”
“රාජ්‍ය ආයතන පෞද්ගලික කරනව නම් ඒ කරන්නේ රාජ්‍ය ආයතනවල සිටින අයගේම දුර්වලතා සහ නොසැළකිලිමත්කම හින්දා කියන එක ඉතාමත් වගකීමකින් මම කියනවා. රාජ්‍ය පරිපාලනයේදී රාජ්‍ය නිලධාරීන් ලෙස තීරණ ගන්නබි බය වෙන්න ඕනේ නැහැ. රටක් වෙනුවෙන් හිතලා හරි තීරණ ගන්නකොට අපිට කවදාවත් වරදින්නේ නැහැ. අද රාජ්‍ය අංශය පසුගිය කාලේ වූ දේශපාලන බලපෑම් සමඟ ඉතාමත් දුර්වල තත්ත්වයකට පත්ව තියෙනවා. සමහර නිළධාරීන් තීරණ ගන්න බයයි. නමුත් අපිට ඒ අයට ඒ ගැන දොස් කියලම බැහැ. නමුත් අනිත් පැත්තෙන් බැලූ විට පහුගිය කාලේ කියපු දේ කලේ නැතිවුණාම ඊට පහුවෙනිදා රාජ්‍ය නිලධාරීයා ගෙදර යන තත්ත්වයක් තිබුණා. අද එය අපි වෙනස් කර තිබෙනවා.” යැයිද අමාත්‍ය අර්ජුන රණතුංග කියා සිටියේය.
The post ඕනෑම නායකයෙක් නරක් වෙන්නේ නුසුදුසු පුද්ගලයෝ ආශ්රයෙන් – ඇමැති අර්ජුන පවසයි. appeared first on Lanka News Column.
0 Comments