Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සමාජ මාධ්‍ය ජාලා නිසා ජනමාධ්‍ය අභියෝගයකට ලක්වෙලා.ඇමති මංගල කියයි.

mangala-samaraweera

ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය ජාලයන් ජනතාව අතර විශාල ලෙස ව්‍යාප්ත වීමත් සමඟ ජනමාධ්‍ය කලාව අභියෝගයට මුහුණ පා ඇති අතර එහි වගකීමද එදාට වඩා අද වනවිට වැඩි වී ඇති බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල  සමරවීර   කියා  සිටියි.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශයේදී “ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල – 2018 “නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමේ උත්සවයෙන් පසු මාධ්‍යවේදීන් අමතමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

“අපි මාධ්‍යවල සෘණ පැත්ත වගේම ධන පැත්ත ගැනත් කතා කළ යුතුයි. එදාටත් වඩා අද ජනමාධ්‍ය කලාව විශාල අභියෝගයකට ලක්වෙලා. විශේෂයෙන්ම නව තාක්ෂණයත් සමඟ ස්මාර්ට් ෆෝන් එකක් තිබෙන ඕන කෙනෙකුට  ෆෝන් එකෙන් පින්තූරයක් ගෙන ෆේස්බුක් එකේ දැමූ විට එය මුළු ලෝකයටම බලන්න පුලුවන්. මේ නිසා ජනමාධ්‍ය කලාවේ තිබෙන වගකීම එදාට වඩා වැඩියි.

ඇමරිකාව වැනි රටවල ව්‍යාජ ප්‍රවෘත්ති හෙවත් ෆේක් නිව්ස් විශාල අභියෝගයක් වෙලා තිබෙනවා. ඒවා නතර කිරීමට නම් එවැනි ප්‍රවෘත්ති පළ කරන ආයතන වසා දමන්න වෙනවා. ඒත් නවීන ලෝකයේ වාරණය කිරිම කිසි සේත්ම සුදුසු පිළිතුරක් නෙවෙයි. වෙබ් අඩවියක් තහනම් කළොත් වෙනත් ක්‍රමයකින් එය බලන්න පුළුවන්.ඊට පස්සේ එසේ තහනම් කළ ආයතනය තව තවත් ප්‍රසිද්ධ වෙනවා. එවිට මහජනයා කලින්ටත් වඩා එය බලනවා. ඒ නිසා අපට තිබෙන්නේ ඒවාට මුහුණදීමයි. ඒ සඳහා අප තුළ ශක්තියක් තිබිය යුතු යැයිද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

The post සමාජ මාධ්‍ය ජාලා නිසා ජනමාධ්‍ය අභියෝගයකට ලක්වෙලා.ඇමති මංගල කියයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();