Ticker

6/recent/ticker-posts

Header Ads Widget

විධානයන් කඩ කරමින් සබන්, චුයින්ගම් හා ඖෂධ විකිණීම සිදු කළ අයට එරෙහිව නීතිමය පියවර.

CAA_Sri_Lanka

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනත යටතේ නිකුත් කළ විධාන අංක 12 කඩ කරමින් සබන්, චුයින්ගම් ආදී නිෂ්පාදන විකිණූ ව්‍යාපාරිකයාට එරෙහිව නීතිමය පියවර ගන්නා බව සඳහන් කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.

එම නිවේදනය පහතින්,

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනත යටතේ නිකුත් කල විධාන අංක 12 කඩ කරමින් සබන්, චුයින්ගම් ආදී නිෂ්පාදන විකිණූ ව්‍යාපාරිකයාට එරෙහිව නීතිමය පියවර

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නිකුත් කළ විධානයන්ට අනුව කලින් ඇසුරුම් කළ භාණ්ඩ, අයිතමයන් හා නිෂ්පාදන සම්බන්ධ සියළුම ආනයනකරුවන්, සැපයුම්කරුවන්, නියෝජිතයන්, බෙදාහරින්නන් හා වෙළෙන්දන් විසින් රසකැවිලි(චුයින්ගම්), චොකලට්, බිස්කට්, සුවඳ සබන් හා කේක් නිෂ්පාදන දිවයිනට ඇතුළු වන ස්ථානයේදී එම භාණ්ඩ මත ඉංග්‍රීසි භාෂාවෙන් එම භාණ්ඩයට අදාළ උපරිම සිල්ලර මිල, නිෂ්පාදකයාගේ, සැපයුම්කරුගේ, අනයනකරුගේ හෝ බෙදාහරින්නාගේ නම හා ලියාපදිංචි කල ලිපිනය සඳහන් කළ යුතුය.

එසේම සියළුම ඖෂධ හා විටමින් වර්ග නිෂ්පාදනය කරන්නන් හා ආනයනකරුවන් විසින් උපරිම සිල්ලර මිල ලකුණු කිරීමට අමතරව කාණ්ඩ අංකය, නිෂ්පාදිත දිනය, කල් ඉකුත්වීමේ දිනය, ඖෂධයේ ප්‍රභලතාව යනාදි කාරණා විශේෂිතව දැක්විය යුතුය.

එලෙස නිකුත් කර ඇති විධානයන්ට පටහැනිව කටයුතු කරමින් ඇසුරුම්වල ඇතුලත් විය යුතු කරුණු ඇතුලත් නොවී තිබූ සබන් ඇසුරුම් 198 ක් (Biocos Beauty Soap 109, Dr. Rashel Gold and Jasmine 32, Dr. Rashel Shorten and Tighten the Vagina 20, Bumebime Mask Natural 37) හා Chewing Gum Sex Enhancement ඇසුරුම් 22 ක් හා Gluta white වෙළඳ නාමය සහිත රුපලාවන්‍ය ඖෂධ ඇසුරුමක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වැටලීම් ඒකකය විසින් නුවර පාර, පෑලියගොඩ පිහිටි වෙළඳ ආයතනයකින් අත්අඩංගුවට ගෙන මහර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරූ අතර එහිදී එම ව්‍යාපාරිකයාට එක් වරදකට රු.10,000 බැගින් රු.30,000 ක දඩ මුදලක් නියම කොට අවවාද කර ඇත.

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය ගරු රිෂාඩ් බදියුදීන්ගේ උපදෙස් පරිදි පාරිභෝගිකයාට හානිකර ආකාරයේ ආනයනික භාණ්ඩ වලින් පාරිභෝගිකයා ආරක්ෂා කර ගැනීමට, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිරන්තරයෙන් කටයුතු කරනු ලබයි.

සභාපති

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය

The post විධානයන් කඩ කරමින් සබන්, චුයින්ගම් හා ඖෂධ විකිණීම සිදු කළ අයට එරෙහිව නීතිමය පියවර. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();