Ticker

6/recent/ticker-posts

Header Ads Widget

දැන් හැමෝම අහන්නෙ ළමයි ගැන. ළමයි හදන කාලයක් දවසක් අපිට නැහැ. දරුවෙක් හැදෙන දවසක හදනවා.

දුෂ්‍යන්ත් වීරමන් , ස්ටෙෆ්නි සිරිවර්ධන කියන්නේ ලංකාවේ තරු අතර ජනප්‍රිය යුවළක් ඔවුන් දෙදෙනා පසුගිය මැයි මාසයේදී ඉතාලියේදි යුග දිවියට එළඹුනා ඉතාලියේදී ගත්ත විවාහ උත්සවය ගැන නිසා දුෂ්‍යන්ත් , ස්ටෙෆ්නි ගැන මුළු ලොකයේම කතා බහට ලක් වුනා, හැමෝම කතා කරපු අපූරු යුවළ ආදරයෙන් ජීවිතය ගත කරන විදිහ දුෂ්‍යන්ත් කියන්නේ මේ විදිහටයි….

දුෂ්‍යන්ත් කොහොමද ජීවිතේ?
වරදක් නැහැ ඉතින්. සුපුරුදු ලෙසම හොඳින්, සතුටින් , සුන්දරව ගත වෙනවා.

කලා ක්ෂේත්‍රයේ මේ දවස්වල ඔබේ කලාවැඩ කටයුතු කොහොමද?
අලුතෙන් ගීතයක් නම් release වුණේ නැහැ. ඒත් ගීත කීපයක වැඩ කටයුතු සිදු කරමින් පවතිනවා. මම මේ දවස්වල ගීත නිර්මාණ කටයුතුවලින් පොඩ්ඩක් ඈත් වෙලා ඉන්නේ. මගේ බෑන්ඩ් එකේ වැඩ කටයුතු තමයි මේ දවස්වල කරන්නේ. නුවර කොන්සට් එකක් ඉදිරියේදි කරන්න බලාපොරොත්තු වෙනවා ‘දුෂ්‍යන්ත් වීරමන් විත් කුරුම්බා live in concert‘ කියලා. ඒ වැඩ තමයි මේ දවස්වල කෙරෙන්නේ.

24775082_1578027428909876_8483946079430639782_n

දුෂ්‍යන්ත්ගේ පවුලේ විස්තර ගැනත් කියමු?
මගේ පවුලේ අම්මායි, තාත්තයි, මමයි අයියායි. අම්මා රන්සිරිනි. එයා ඩ්‍රීම්රෝන් ආයතනයේ සේවය කළේ. තාත්තා නාලක වීරමන්. එයා රිචඩ් පීරිස් සමාගමේ අධ්‍යක්ෂවරයෙක්. අයියා සන්තුෂ් වීරමන්. එයාව හැමෝම දන්නවා. මට තව පවුලක් දැන් තියෙනවා. ඒ තමයි මගෙයි ස්ටෙෆ්නිගෙයි පවුල.

ස්ටෙෆ්නි එක්ක පටන් ගත්ත අලුත් ජීවිතේ ගැනත් කියමු?
අලුත් ජීවිතේ හොඳයි. හොඳින් ගත වෙනවා. ඒ ජීවිතේ තාම පටන් ගත්තා විතරයි.

ස්ටෙෆනි කොයි වගේ බිරියක් ද?
ස්ටෙෆනි මටම හරියන බිරියක් කිව්වොත් හරි. එයා ගොඩක් හොඳ බිරියක්. ඒ වගේම එයාත් කලාවට සම්බන්ධ කෙනෙක්. ඒ නිසා අපි දෙන්නා ගොඩක් ගැළපෙනවා.

ඒ කියන්නේ දුෂ්‍යන්ත් සහ ස්ටෙෆනි දෙන්නම ඉන්න නිර්මාණ අපට ඉදිරියේදී බලාගන්න පුළුවන්?
ඔව් ඒක වෙන්න පුළුවන්. එයා එයාගේ වැඩ ටික කරගෙන යනවා. මම මගේ වැඩ කරනවා. අපි දෙන්නම එකට එකතු වෙලා වැඩ කරපු අවස්ථා තියෙනවා. ඉදිරි කාලයේත් අපි දෙන්නටම එකට වැඩ කරන්න සමාගම් කීපයකින් ආරාධනා ලැබිලා තියෙනවා. ඔවුන්ගේ ප්‍රවර්ධන කටයුතු සඳහා සහ පුද්ගල දිරි ගැන්වීම් කටයුතු සඳහා.

දුෂ්‍යන්ත් ස්ටෙෆ්නිට විවාහයෙන් පසුවත් කලා ක්ෂේත්‍රයේ රැඳී ඉන්න ඉඩ දෙනවා ද?
ඔව්. මම කැමැතියි ස්ටෙෆ්නි දිගටම කලා ක්ෂේත්‍රයේ රැඳිලා ඉන්නවා නම්. මොකද මමත් කලාවට ගොඩක් කැමැති කෙනෙක්. ඒක තමයි මම හිතන විදිහට හොඳම ජීවිතේ. කලාකාරයෙක්ගේ ජීවිතේ හරිම සුන්දරයි. ඕනෙම දෙයක් කරන්න නිදහස තියෙනවා. අපිව කවුරුත් පාලනය කරන්න එන්නේ නැහැ. අපි වැඩ කරන්නේ අපිට ඕනේ විදිහට.

ස්ටෙෆ්නිට රසට උයන්න පුළුවන් කියලා අපිට ආරංචියක් ආවා. ඇත්තද ඒක?
ඔව්. ස්ටෙෆ්නිට හොඳට උයන්න පුළුවන්. එයා කෑම හදනවා. මම කනවා. ඕක තමයි අපේ ජීවිතේ.

ස්ටෙෆ්නි හදන කෑමවලින් ඔබ කන්න වැඩිපුරම කැමැති මොනවාද?
එයා වැඩිපුරම හදන්නේ වෙස්ටන් කෑම ජාති. එයා හදන ඉතාලි කෑම ජාති කන්න තමයි මම වැඩිපුරම කැමැති.

කාර්යබහුල ක්ෂේත්‍ර දෙකක ඉන්න දෙන්නෙක් විදිහට කොහොමද ඔය දෙපළ ගෙදර ජීවිතයට කාලය කළමනාකරණය කරගන්නේ?
අපේ ජීවිතවල ලොකු කාර්යබහුලත්වයක් නැහැ. ගොඩක් කාර්යබහුල වෙලා වැඩ කරපු කාලයක් තිබුණා. ඒත් දැන් එහෙම කාර්යබහුල වෙලා වැඩ කරන්නේ නැහැ. දැන් ගොඩක් නිදහසේ ජීවත් වෙන්න තමයි මම කැමැතියි. අපි කවදාවත් එලාම් තියලා නැගිටින්නේ නැහැ. හෙට වැඩ තියෙනවා කලින් නැගිටින්න ඕනේ කියලා රෑට නිදාගන්නේ නැහැ. ඒ නිසා නිදහසේ අපි ජීවිතේ ගත කරනවා. කාලය කළමනාකරණ කරන්න ඕනේ නෑ ඒ නිසා.

දුෂ්‍යන්ත්ගෙයි ස්ටෙෆ්නිගෙයි කැදැල්ලෙන් දරු නැළවිල්ලක් කවදා ඇහෙයි ද?
ඒක වෙන දවසක වෙයි කියලා අපි ඉන්නේ. අපි බඳින දවසක බඳිනවා කියලා තමයි හිටියෙත්. දැන් බැන්දා. ඊටපස්සේ දැන් හැමෝම අහන්නෙ ළමයි ගැන. ළමයි හදන කාලයක් දවසක් අපිට නැහැ. දරුවෙක් හැදෙන දවසක හදනවා. මුලින්ම පුතෙක් ලැබෙනවා නම් තමයි කැමැති අපි.

මුලින්ම පුතෙක් හදන්න හේතුව?
පුතෙක් හොඳයි ඉතින් අපිට අපේ පරම්පරාව ගෙනියන්න පුළුවන් නිසා. එහෙම කියලා අපි දුවකුට අකැමැති නැහැ. ඒත් මුලින්ම පුතෙක් ඉන්නවා නම් හොඳයි.

14670656_1178480155531274_6574381442958981574_n

ඔබ කලා කටයුතුවලින් බැහැරව ගෙදර විවේකයෙන් ඉන්න වෙලාවට මොනවාද කරන්නේ?
සිංදු අහනවා. චිත්‍රපටි බලනවා. බයිසිකල් පදිනවා. යාළුවෙන්ගේ ගෙදර යනවා. එක්කෝ යාළුවොන්ට අපේ ගෙදර එන්න කියනවා. අම්මයි තාත්තයි බලන්න යනවා. අපි හැම තිස්සෙම උත්සාහ කරන්නේ හැම මොහොතක්ම සතුටින් ගත කරන්න.

දුෂ්‍යන්ත්ගේ ඉදිරි වැඩ කටයුතු ගැන කිව්වොත්?
සංගීත ක්ෂේත්‍රයේ වැඩ කටයුතු කීපයක් කරන්න තියෙනවා. ‘ D star Show’ කියලා online show එකක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක හොඳ ප්‍රාසාංගික අත්දැකීමක් වෙයි කියලා හිතනවා. ඒ වගේම මගේ සංගීත කණ්ඩායම් දෙකේ වැඩ කටයුතු ගොඩක් තියෙනවා. මම කලින් කිව්වා වගේ ‘දුෂ්‍යන්ත් වීරමන් විත් කුරුම්බා live in concert‘ තමයි ඉදිරියට තියෙන ලොකුම වැඩේ.

12985542_1183640881686726_6571623151752242096_n



from Gossip Lanka News & Video https://ift.tt/2L0Gb8g
via internet

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();