Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රාජපක්ෂ පාලන සමය – ආණ්ඩුවේ වියදමින් සංචාර සිදුකළ බ්‍රිතාන්‍ය මන්ත්‍රී පෙයිස්ලිට පාර්ලිමේන්තුව තහනම් වෙයි.

British_MP_Iain_Paisley

පසුගිය රාජපක්ෂ පාලන සමයේ 2013 වසරේදී දෙවරක් සිය පවුලත් සමග ශ්‍රී ලංකා ආණ්ඩුවේ වියදමින් සිදු කළ සංචාර පිළිබඳ හෙළි කිරීමට අපොහොසත් වීම හේතුවෙන් දින 30 ක කාලයක්  බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරයෙකු වන ඉයන් පෙයිස්ලිට පාර්ලිමේන්තුව තහනම් කර ඇති බව සඳහන් වේ.  එක්සත් රාජධානියේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉයන් පෙයිස්ලිට පාර්ලිමේන්තුව දින 30කට තාවකාලිකව අත්හිටුවමින්  ඊයේ  එම පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු ඔහුට එරෙහිව ඡන්දය භාවිත කර ඇත.

මේ අනුව එක්සත් රාජධානියේ ‘ඩිමොක්‍රටික් යුනියනිස්ට්’ පක්ෂයේ මන්ත්‍රී ඉයන් පෙයිස්ලිට සභාවාර පැවැත්වෙන දින 30ක් පාර්ලිමේන්තුව තාවකාලිකව තහනම් වන අතර පරීක්ෂණ අවසන් වනතුරු ඔහුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටු වීමට ද ‘ඩිමොක්‍රටික් යුනියනිස්ට්’ පක්ෂය පියවර ගෙන ඇති බවත් සඳහන් වේ. වසර 2013 දී ශ්‍රී ලංකාවේ කරන ලද සංචාර දෙකක් සඳහා මෙරට රජය කරන ලද ගෙවීම් සම්බන්ධයෙන් ඉයන් පෙයිස්ලිට චෝදනා එල්ල වී ඇති අතර පෙයිස්ලි සහ ඔහුගේ පවුල අවස්ථා දෙකකදී මෙරට සංචාරය කර තිබෙන අතර අදාළ සංචාරවල වියදම් දරා ඇත්තේ ශ්‍රී ලංකා රජය බව පැවසේ.

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු විශේෂ කමිටුවක් ඉදිරිපත් කළ වාර්තාවකට අනුව ඉයන් පයිස්ලි පහත සඳහන් නීති කඩ කර ඇති බව පැවසේ.

•2014 මාර්තු මස 19 වන දින බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා වෙත ලිපියක් යවමින් ශ්‍රී ලංකාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ යෝජනාවකට සහයෝගය පළ නොකරන ලෙස ඉල්ලා ඇත. මෙම ඉල්ලීම ශ්‍රී ලංකාව වෙනුවෙන් කරන විශාල උපකාරයක් ලෙස දක්වා තිබුණි. නමුත් ඉන් පෙර මාස දොළහ තුළ ශ්‍රී ලංකා රජයෙන් ඔහුට පෞද්ගලික වාසි සහ ආගන්තුක සත්කාරය ලැබී තිබිණි.

•අග්‍රාමාත්‍යවරයා වෙත යැවූ ලිපියේ ශ්‍රී ලංකා රජයෙන් තමන්ට ලැබුණ පෞද්ගලික වාසි සහ ආගන්තුක සත්කාර පිළිබඳ සඳහන් කිරීමට අපොහොසත් වීමෙන් පාර්ලිමේන්තුවේ නීති රීති කඩ කර ඇත.

•2013 මාර්තු සහ අප්‍රේල් මාසවලදී පවුලේ සාමාජිකයන් සමඟ ශ්‍රී ලංකාවේ කළ සංචාරයන් දෙක ගැන පාර්ලිමේන්තුව විසින් එකඟ වූ දින 28 ඇතුළත ලියාපදිංචි කිරීමට අසමත්වීම.

The post රාජපක්ෂ පාලන සමය – ආණ්ඩුවේ වියදමින් සංචාර සිදුකළ බ්‍රිතාන්‍ය මන්ත්‍රී පෙයිස්ලිට පාර්ලිමේන්තුව තහනම් වෙයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();