ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගම මගින් හිටපු අමාත්‍ය රවී කරුණානායකගේ ගණකාධිකාරීවරයා වෙත රුපියල් මිලියන පහක මුදලක් ලබා දුන් බව පර්පචුවෙල් සමාමේ මුල්‍ය ගනුදෙනු කළ තැනැත්තකු සාක්කි ලබාදෙමින් පවසා ඇතැයි සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගොඩ අද අධිකරණයට සඳහන් කර ඇත. කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවේ පැවති පර්පචුවෙල් ට්‍රෙෂරීස් සම්බන්ධයෙන් නඩුව කැඳවු අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය වූ බව සඳහන් වේ.
2017 වසරේදී ජනාධිපති කොමිසම පැවැතුණු කාල වකවානුවේදී මෙම මුදල් ලබා දුන් බවට පර්පච්‍රෙවල් ටෙෂරීස් සමාගම වෙනුවෙන් මූල්‍ය ගනු සිදුකළ තර්ටීස් ලංකා සිකියුරි ලංකා සමාගමේ නියෝජිත සුසිල් ඇන්ඩ්‍රසන් නැමැති අය මෙම සාක්කි ලබා දී ඇතැයි සොලිසර් ජනරාල්වරයා සඳහන් කර ඇත. එසේම ඔහු එම මුදල් රවිකරුණානායකගේ ගණකාධිකාරීවරයා වන සින්නයියා වෙත ලබා දී ඇතැයිද සොලිස්ටර් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කර ඇත..
The post හිටපු ඇමැති රවීගේ ගණකාධිකාරීට පර්පචුවෙල් සමාගමෙන් මිලියන 5ක් දුන් බවට සාක්‍ෂියක්. appeared first on Lanka News Column.
0 Comments