Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රන් බිස්කට් 29ක් සමඟ දෙදෙනෙකු හසුවේ.

Katunayake-Sri-Lanka-7-copy

රුපියල් එක් කෝටි අසූ අට ලක්ෂ පනස් දහසක් වටිනා රන් බිස්කට් 29 ක්, ගුවන් තොටුපොළ මගීන්ගේ භාණ්ඩ තබාගෙන තල්ලු කරගෙන යෑමට ඇති ට්‍රොලියක යට පැත්තේ අලවා ගෙන ගුවන් තොටුපොළෙන් පිට වීමට සුදානම් වූ ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු අද (16) කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව වාර්ථා වේ.

මොවුන්ගෙන් එක් අයෙකු මන්නාරම ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි පුද්ගලයකු වන බවත්, අනෙක් පුද්ගලයා 43 හැවිරිදි කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවත් මොවුන් ගුවන් මඟින් ඩුබායි වෙත ගොස් භාණ්ඩ රැගෙන එන ව්‍යාපාරිකයෝ බව සඳහන් වේ.

අද උදෑසන 7.30 ට පමණ ඩුබායි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරණ  ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත. මොවුන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ, එහි පර්යන්ත ගොඩනැගිල්ල තුළ දී, මෙම රන් බිස්කට් මෙම ට්‍රොලියෙහි යට පැත්තේ අලවා ගෙන තිබූ බව රේගුව විසින් සිදු කළ මූලික පරීක්ෂණ වලදී අනාවරණය වී ඇති බව පැවසේ.

කිලෝ ග්‍රෑම් 02 යි ග්‍රෑම් 900 ක් බර රන් බිස්කට් තිබූ බව රේගුව ප්‍රකාශ කර ඇති අතර කටුනායක ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන් විසින් සපයන ලද තොරතුරක් මත රේගු නිලධාරීන් විසින් මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර ඇතැයි වැඩිදුරටත් සඳහන් වේ.

The post රන් බිස්කට් 29ක් සමඟ දෙදෙනෙකු හසුවේ. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();