Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ගිනි කන්දේ පිපිරීමකින් සංචාරකයින් 23කට තුවාල

හවායි දූපතේ පිහිටි කිලවායා ගිනි කන්දේ සිදු වූ පිපිරීමකින් සංචාරකයින් 23 දෙනෙකු තුවාල ලබා තිබේ.

හවායි දූපත ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ බෝට්ටුවකින් ගමන් කරමින් සිටි සංචාරකයින් පිරිසක් මෙලෙස අනතුරට මුහුණපා ඇත.

මෙම සංචාරක බෝට්ටුව කිලවායා ගිනිකන්දෙන් ආරක්ෂක ප්‍රදේශයක ගමන් කරමින් තිබූ බව වෙරළාරක්ෂකයින් සඳහන් කරනු ලැබේ.

කිලවායා ගිනිකන්ද පිපිරුමත් සමග ගල් කැබලි සහ ලාවා නිකුත් වීමෙන් ඔවුන්ට තුවාල සිදුව තිබේ. තුවාල ලැබූවන් අතරින් එක් අයෙකුගේ අස්ථි බිඳීමට ලක්ව ඇති බව ද වාර්තා වේ.

හවායි හි කිලවායා ගිනිකන්ද පසුගිය මැයි මාසයේදී සක්‍රිය විය. තවමත් එම ගිනි කන්දෙන් පිපිරුම් සිදු වන අතර ගිනි කැබලි සහ විෂ වායු නිකුත් වෙමින් පවති.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();