Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ප්‍රතිජීවක ඖෂධ මිලියන 200 ක අලෙවියක් සිදු වී ඇති බව සොයාගෙන තිබෙනවා – සුව ඇමැති

Dr_Rajitha

පසුගිය වසරේ දී පමණක් ප්‍රතිජීවක ඖෂධ මිලියන 200 ක අලෙවියක් සිදු වී ඇති බව දැනට සොයාගෙන ඇති බවත්, ඖෂධ නිෂ්පාදනය කිරිම සදහා ගිවිසුම් 46 ක් අත්සන් කර තිබෙන බවත්  සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න ප්‍රකාශ කර සිටී. අමාත්‍යවරයා මෙලෙස ප්‍රකාශ කර සිටියේ  ලෝක බැංකුවේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා සත්කාර සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය ජනගත කිරිමේ අවස්ථාවට සහභාගී වෙමිනි.

මෙහිදී  වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,

“සෞඛ්‍ය අමාත්‍යාංශය බෝවන රෝග පාලනය කර තිබෙනවා. බෝනොවන රෝග පාලනය කිරිම සදහා විධිමත් වැඩපිළීවෙළක් ක්‍රියාත්මකයි. ළදරු සහ මාතෘ මරණ අවම කළ රටක් ලෙස යුනිසෙෆ් සංවිධානය ශ්‍රී ලංකාව පිළීගෙන තිබෙනවා. දැනට ඩෙංගු සහ එච්.අයි.වී අවම කළ යුතු මට්ටමේ පවතිනවා. 2017 වසරේ ඩෙංගු වසංගත තත්ත්වය කෙටි කළකින් මර්දනය කිරිම පිළිබදව ලෝක සෞඛ්‍ය සංවිධානය අප ඇගයීමට ලක් කළා. ලෝකයේ පුද්ගලයින් මිලියන 40 ක් වාර්ෂිකව මිය යන්නේ බෝනොවන රෝග වලින්. මෙය අභීයෝගයක්. අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල අඩු කිරීම යටතේ රෝගීන් ගුණාත්මක ඖෂධ වෛද්‍ය නිර්දේශය අනුවම ලබාගන්නවා. පසුගිය වසරේ දී පමණක් ප්‍රතිජීවක ඖෂධ මිලියන 200 ක අලෙවියක් සිදු වී ඇති බව දැනට සොයාගෙන තිබෙනවා. ඖෂධ නිෂ්පාදනය කිරිම සදහා ගිවිසුම් 46 ක් අත්සන් කර තිබෙනවා. රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ ඖෂධ නිෂ්පාදනය බිලියන 2 සිට බිලියන 4 දක්වා වැඩි කර තිබෙනවා. හෘද සැත්කම් පැය 24 පුරා කොළඹ ජාතික රෝහලේ දී සිදු කරනවා. දිවයින පුරා ඇසේ සුද ඉවත් කිරීම සහ අක්ෂි කාච බද්ධ සැත්කම් සදහා ලක්ෂ 12 ක් පමණ සිටිනවා. හෘද සැත්කම් මෙන් අක්ෂි කාච සැත්කම් ද පැය 24 පුරා සිදු කිරීමට යෝජනා කළත් වෛද්‍යවරුන් තම කැමැත්ත ප්‍රකාශ කර නැහැ. ළමා රෝහලේ දරුවන්ගේ හෘද සැත්කම් පැය 24 පුරා සිදු කිරීමට යෝජනා කළත් වෛද්‍යවරුන්ගේ ගෙවීමේ දීමනා ප්‍රශ්ණයක් එම වැඩපිළිවෙල ප්‍රමාද කළා. ලෝක බැංකුව ද ලෝක සෞඛ්‍ය සංවිධානය ද පිළිගෙන තිබෙනවා දුප්පතුන්ට හිතවාදී සෞඛ්‍ය සේවාවක් ශ්‍රි ලංකාවේ තිබෙන බව. බෝනොවන රෝග පාලනය කිරිම සදහා ලෝක බැංකුව ඇමරිකානු ඩොලර් මිලියන 200 ක මුදලක් ලබාදී තිබෙනවා. අපේ රාජ්‍ය සේවාවේ මුදල් වැය කරන එක තමයි ඉතාම අමාරු. එම මුදලින් මාසිකව රුපියල් මිලියන 500 ක් ජනතා සේවාවන් සදහා වැය කළ යුතුයි. අභියෝග වලට මුහුණ දෙමින් සියලු සෞඛ්‍ය සේවාවක් ඉටු කරනවා. විශ්වීය සෞඛ්‍ය රැකවරණය සියලුදෙනාටම ලබාදීමට රජය කැපවී සිටිනවා” යැයි පවසීය.

The post ප්‍රතිජීවක ඖෂධ මිලියන 200 ක අලෙවියක් සිදු වී ඇති බව සොයාගෙන තිබෙනවා – සුව ඇමැති appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();