Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ජාතික පැරා මලල ක්‍රීඩා ශූරතාවලිය 20-21 සුගතදාස පිටියේදී

Author(s): 
ප්‍රින්ස් ගුණසේකර

මෙරට ආබාධිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් හෙවත් විශේෂ අවශ්‍යතා ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් ජාතික පැරාලිම්පික් කමිටුව සංවිධාන කරන ජාතික පැරා මලල ක්‍රීඩා ශූරතාවලිය මේ මස 20 හා 21 දිනවල කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

ලබන ඔක්තෝම්බර් 6 වැනිදා සිට 13 වැනිදා දක්වා ඉන්දුනීසියාවේ පැවැත්වෙන ආසියා පැරා ක්‍රීඩා උළෙලට සහභාගීවන මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළු 800ක් පමණ සහභාගීවන මේ ශූරතාවලිය ආසියා පැරා ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාවේ අවසන් තෝරා ගැනීම ලෙස සැලකේ. එබැවින් මෙවර පැවැත්වෙන පැරා මලල ක්‍රීඩා ශූරතාවලිය වඩාත් තරගකාරී මට්ටමකට පත්වනු ඇතැයි ජාතික පැරාලිම්පික් කමිටුව පවසයි.

රටපුරා ඇති පැරා ක්‍රීඩා සංගම්වලින් මේ ක්‍රීඩා උළෙලට ක්‍රීඩක ක්‍රීඩිකාවන් යොමු කොට ඇති අතර ජවන හා පිටිය මලල ක්‍රීඩා ඉසව් 180ක් සංවිධානය කොට ඇත. මේ සියලු ඉසව් ජාත්‍යන්තර ප්‍රමීතීන් අනුව පැවැත්වීමට ජාතික පැරාලිම්පික් කමිටුව කටයුතු යොදා තිබේ.

මෙරට පැරා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාත්‍යන්තර ක්‍රීඩා තලයේ කැපී පෙණෙන දක්ෂතා දක්වා ඇති අතර වසර 2012දී ලන්ඩන් හී පැවැති පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදී ප්‍රදීප් සංජය මීටර් 400 තරගයේදී ලෝකඩ පදක්කමක් හා වසර 2016දී රියෝ හී පැවැති පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදී දිනේෂ් ප්‍රියන්ත හේරත් හෙල්ල විසි කිරීමෙන් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් වූහ.

එමෙන්ම ඩුබායී පැවැති ආසියා ශාන්තිකර පැරා මලල ක්‍රීඩා ශුරතාවලියේදී ශ්‍රී ලංකාවට රන් පදක්කම් 6ක් දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. එහිදී අමාරා ඉන්දුමතී හා අනිල් ප්‍රසන්න ජයලත් රන් පදක්කම් 2 බැඟින් දිනාගත් අතර අජිත් හෙට්ටිආරච්චි හා මීටර් 100 සහය දිවීමේ කණ්ඩායම රන් පදක්කම් දෙකකට හිමිකම් කීය. එම ආසියා ශාන්තිකර පැරා මලල ක්‍රීඩා ශුරතාවලියේදී ශ්‍රී ලංකාව රන් පදක්කම් 6ක්, රිදී පදක්කම් 4ක් හා ලෝකඩ පදක්කම් 5ක් දිනා ගනිමින් සමස්ත පදක්කම් සටහනේ 6 වන ස්ථානයට පත්වීම ද විශේෂත්වයකි.

තරගාවලියේ සමාරම්භක උළෙල ජූලි මස 20 වැනිදා පෙරවරු 8. 30ට පැවැත්වෙන අතර ක්‍රීඩා ඇමැති අධිනීතීඥ ෆයිසර් මුස්තාපා මහතාගේ ප්‍රධානත්වයෙන් 21 වැනිදා පස්වරුවේ සමාප්ති උළෙල හා ජය සංකේත ප්‍රදානය සිදු කෙරේ

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();