Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ලිතුවේනියාවෙන් ශ්‍රී ලංකා දෙවැනි පෙළ පාපන්දු කණ්ඩායමට 2-0ක ප්‍රහාරයක්

Author(s): 
ප්‍රින්ස් ගුණසේකර

ශ්‍රී ලංකා දෙවනි පෙළ පාපන්දු කණ්ඩායම හා ලිතුවේනියාව අතර පැවැති තරගයෙන් ලිතුවේනියා පාපන්දු කණ්ඩායමට ගෝල් 2-0ක ජයක් හිමි වෙයි. ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමට ක්‍රීඩා කළ ක්‍රීඩකයන් සිවු දෙනකු ඇතුළත්වූ දෙවැනි පෙළ කණ්ඩායමෙන් ලිතුවේනියා පිලට මුල සිටම තර්ජනයක් එල්ල නොවූ අතර පළමු භාගය නිමා වෙද්දී ගෝල් 1-0ක් ලෙස ලිතුවේනියාව ඉදිරියෙන් සිටියේය.

කොළඹ රීඩ් මාවත පැරණි තුරඟ තරග පිටියේ ඊයේ පැවැති මේ තරගය විදුලි ආලෝක ධාරා මැද පැවැති අතර ජාතික පාපන්දු කණ්ඩායම සමග පැවැති පළමු තරගයේදී දෙපිලම ගෝල් වාර්තා කිරීමට අපොහොසත්වී ජය පරාජයෙන් තොරව නිමා විය.

ශ්‍රී ලංකා ආරක්ෂක වළල්ලේ ක්‍රීඩකයන් අතුරින් රිංගා ගොස් ඉතා පහසු ගෝලයක් 24වැනි මිනිත්තුවේදී ලිතුවේනියාවේ ස්ටොන්කස් ලයූරාන්ස් වාර්තා කළ අතර, තරගයේ 58 වැනි මිනිත්තුවේදී එල්ල වූ කෝනර් පහරකට ගෝල් කණුව ඉදිරියේ සිටි ලුකාස් ආර්ටිමනික්ස් හිසෙන් එල්ල කොට ගෝලයක් රැස් කළේය. ලිතුවේනියාව ශ්‍රී ලංකා ගෝල් රකින්නා වෙත ප්‍රහාර කිහිපයක් එල්ල කළ ද ඒවා ගෝල් බවට පත් නොවුණි.

ශ්‍රී ලංකා පිලට පළමු භාගයේදී එල්ල වූ හොඳම අවස්ථාවක් රිසේන් ෆයිසර් අතින් ගිලීහී ගියේය. කෙසේ වුවද ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙවැනි භාගයේදී තරමක් වෙහෙසකර තත්ත්වයකින් පසුවූ නිසා ආදේශ කිරීම් 5ක් සිදු විය. ඒ හා සමාන ක්‍රීඩකයන් ගණනක් ලිතුවේනියාව ද ආදේශ කළේය.

වසර 2012ට පසුව විදෙස් පාපන්දු කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණි පළමු අවස්ථාව මෙය වූ බැවින් මේ තරග ශ්‍රී ලංකාවට ඉතා වැදගත් එකක් විය. දකුණු ආසියා පාපන්දු තරගාවලියට පෙර පුහුණුවක් ලෙස සැලකූ ලිතුවේනියාව සමග මුල්ම තරගයෙන් අනතුරුව ශ්‍රී ලංකා ජාතික පිලේ ක්‍රීඩකයෝ ජපාන හා කොරියානු තරග සංචාර දෙකක් සඳහා පිටත්ව ගිය බැවින් දෙවැනි පෙළට ඊයේ අවස්ථාව උදා වුණි.

ශ්‍රී ලංකාව සමග ක්‍රීඩා කළ ලිතුවේනියා පාපන්දු කණ්ඩායමට එරට ජාතික පිලේ ක්‍රීඩකයන් 8ක් ක්‍රීඩා කළ බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සඳහන් කළේය.

ලිතුවේනියා පාපන්දු කණ්ඩායම ලෝක ශ්‍රේණිගත කිරීමේ 106වැනි ස්ථානයේ සිටින අතර ශ්‍රී ලංකා පාපන්දු පිල ලෝක මට්ටමේ 200 වැනි ස්ථානයේ පසුවේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();