තමන් වහන්සේ රාජ නීතියටද අභියෝග නොකර භික්ෂූ නීතියද නොබිද හිරගෙට ගිය භික්ෂුවක් බවත් ඇතුලට ගිය ඥාණසාර ලෙසින්ම යලි එලියටද පැමිණි බව බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් කියා සිටියි. ඥාණසාර හිමියන් මේ අදහස් පළකරන ලද්දේ අද කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි. තමන් සිරගෙදරදී ජම්පරය ඇන්දේ නැති බවත් එල්ලුම් ගස් යැවුවද ජම්පරය අදින්නේ නැති බවත් බන්ධනාගාර නිලධාරීන්ගේ රාජකාරියට බාධාවක් නොවන පරිදි සිවුර පමණක් ඉවත් කල බවත් සිරගත කරන ලද දින කිහිපයේදී තමන් වහන්සේ සිවුර ගලවා පැත්තකික් තියා අදනය ඇදගෙන තුවායක් කරේ දමාගෙන සිටිබවත් වැඩිදුරටත් සදහන් කරන ලදී.
The post ඥාණසාර හිමි හිරේදීත් නීති කඩලා. එල්ලුම් ගස් යැවුවද ජම්පරය නම් අදින්නේ නැහැ. ඥාණසාර හිමි කියයි… appeared first on Lanka News Column.
0 Comments