Ticker

6/recent/ticker-posts

Header Ads Widget

බියගම-සපුගස්කන්ද මැදිකොට නව දුම්රිය මාර්ගයක්

බියගම නිදහස් වෙළෙඳ කලාපය සහ බියගම කර්මාන්ත පුරය හා සපුගස්කන්ද තෙල්පිරිපහදුව කේන්ද්‍ර කරගනිමින් නව දුම්රිය මාර්ගයක් ඉදිකිරීමට නාගරික සංවර්ධන අධිකාරිය විසින් සැලසුම් සකස්කර ඇත.

දැනට වසා දමා ඇති සපුගස්කන්ද පොහොර නිෂ්පාදනාගාරය වෙත අමුද්‍රව්‍ය හා නිෂ්පාදන පොහොර ප්‍රවාහනය සඳහා මීට වසර ගණනාවකට පෙර එලා ඇති දුම්රිය මාර්ගය නවීකරණය කර එම දුම්රිය මාර්ගය අවිස්සාවේල්ල දක්වා දීර්ඝ කිරීම මෙම සැලසුමට ඇතුළත්ය.මෙම සැලැස්මට අනුව බියගම සියඹලාපේ මංසන්ධිය සහ සපුගස්කන්ද කර්මාන්තපුරය අසල දුම්රිය නැවතුම්පොළ ඉදිකිරීමට නියමිතය.

මෙම දුම්රිය මාර්ගය ඉදිකිරීම තුළින් දැනට දෙල්ගොඩ සහ කොළඹ අතර හා බියගම සිට බත්තරමුල්ල මාලඹේ කඩුවෙල අතර මාර්ග තදබදය සියයට පනහකින් පමණ අඩු කිරීමට යෝජිත අතර විශේෂයෙන්ම කර්මාන්ත ශාලා සඳහා අව්‍ය අමුද්‍රව්‍ය ප්‍රවාහනය ට මෙම දුම්රිය මාර්ගය භාවිතයට ගත හැකි බැවින් එම කර්මාන්ත ශාලාවල පිරිවැය අඩුකිරීමටද විශාල දායකත්වයක් ලැබේ.

බියගම මැතිවරණ කොට්ඨාසයේ ඉදිරි සංවර්ධන සැලැස්ම පිළිබඳව බියගම ප්‍රාදේශීය සභාවේ සියලු මන්ත්‍රීවරු හා රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ අරමුණින් බියගම ප්‍රාදේශීය සභාවේ මාවරමණ්ඩියේ පිහිටි ප්‍රධාන රැස්වීම් ශාලාවේදී ඉකුත් (04) දා පැවති විශේෂ සාකච්ඡාවකදී නාගරික සංවර්ධන අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජේ. සෝමසිරි මහතා ඇතුළු නිලධාරීන් මෙම සැලසුම් හෙළි කළේය.

සුදත් පුබුදු කීර්ති දෙල්ගොඩ සමූහ

 

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();