ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානි අද්මිරාල් රවින්ද්‍ර සී විජේගුණරත්න නිලධාරිතුමන්ගේ ආරාධනයකට අනුව පාකිස්ථාන ඒකාබද්ධ කාර්ය මාණ්ඩල ප්‍රධානි කමිටුවේ සභාපති, ජෙනරාල් සුබර් මහමුද් හයාත් නිලධාරිතුමන් දින 03 ක ශ්‍රි ලංකාවේ නිල සංචාරයක් සදහා මෙම මස 27 වන දින දිවයිනට ලගා විමට නියමිතය.
ඔහු 17 වන පාකිස්ථාන ඒකාබද්ධ කාර්ය මාණ්ඩල ප්‍රධානි කමිටුවේ සභාපති වන අතරම පාකිස්ථානු සන්නද්ධ හමුදාවන්හි ජ්‍යෙෂ්ඨතම හමුදා නිලධාරියාද වේ. සංචාරය අතරතුරදි අතිගරු ජනාධිපතිතුමන්, ආරක්ෂක ලේකමි වරයා, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හා ත්‍රිවිධ හමුදා ප්‍රධානින් සමග විශේෂයෙන්ම හමුදා අභ්‍යාස හා පුහුණුවිම් මගින් ආරක්ෂක සහයෝගිත්වය වැඩි දියුණු කිරිම පිළිබදව සාකච්ඡා කිරිමට නියමිතය.
හමුදාමය පවුල් පසුබිමක් සහිත ජෙනරාල් සුබර් මහමුද් හයාත් 1976 දි පාකිස්ථානු යුද්ධ හමුදාවට බැදුණු අතර, එතුමන් මේ දක්වා විවිධ වු අණදිම් හා මාණ්ඩලික තනතුරු ගණනාවක් හොබවා ඇත. ෆෝට් සිල් ඔක්ලාහෝමා, ඇමෙරිකා එක්සත් ජනපදය, අණදිම් හා මාණ්ඩලික විද්‍යාලය කැම්බර්ලි - බ්‍රිතාන්‍ය සහ ජාතික ආරක්ෂක විද්‍යාලය ඉස්ලාමාබාද් යන ආයතනයන්හි උපාධිධාරියෙකු වන අතර, ඔහු මානුෂ්‍යවාදි රන් සම්මානය හා මාස්ටර් ගනර් හා මාස්ටර් වොර් ෆයිටර් යන සම්මානයන්ගෙන් පිදුම් ලබා ඇත. ජෙනරාල් හයාත් වර්තමාන නිලයට 2016 නොවැම්බර් මස 27 වන දින උසස් කරනු ලැබ ඇත.
0 Comments