ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ තවම දැනුම්දී නොමැති බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසා සිටී. නමුත් එවැනි ඉල්ලීමක් කළහොත් ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කර ගත හැකි බවත් මාස දෙකක් ඇතුළත තමන්ට එය ඉවත් කර ගත හැකි බවත් ඔහු අවධාරණය කර සිටී. ඩී.ඒ. රාජපක්ෂ කෞතුගාරය ඉදිකිරීමේදී සිදුවූ මූල්‍ය අක්‍රමිකතාවත් සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ ඒකකය පවත්වන පරීක්ෂණයකට අදාළව ප්‍රකාශයක් ලබාදීමට අද (25) පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත ප්‍රකාශයක් දෙමින් ඔහු මේ බව පැවසීය.
The post මහින්දගෙන් තවම තීන්දුවක් නෑ – ගෝඨාභය කියයි. appeared first on Lanka News Column.
0 Comments