Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සයිටම් අහෝසියි!

Image result for සයිටම් අහෝසියි!

සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කොට එහි සිටි සිසුන් 982 ක්‌ කොතලාවල විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත් කිරීමේ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‌ෂක විශ්වවිද්‍යාලය (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී ඊයේ (20) සම්මත වුණා.

පනත් කෙටුම්පත වෙනුවෙන් ඡන්ද විමසීමක්‌ සඳහා කාලය වෙන් කර තිබුණද ඡන්ද විමසීමකින් තොරවයි පනත් කෙටුම්පත සම්මත වූයේ.

සිසුන් 982 ක්‌ කොතලාවල වෛද්‍ය පීඨයට ඇතුළත් කර ගැනීමෙන් පසුව සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි වන බව පැවසූ උසස්‌ අධ්‍යාපන හා සංස්‌කෘතික ඇමැති විජයදාස රාජපක්‍ෂ, වෛද්‍ය පීඨයට ඇතුළත් වීමේ අවම සුදුසුකම එස්‌ 3 ලෙස සඳහන් කර ඇත්තේ මෙම සිසුන් සඳහා පමණක්‌ බවද සඳහන් කළා.

ඇතුළත් කර ගන්නා සිසුන් කුමන අධ්‍යාපන මට්‌ටමක සිටින්නේද, ඔවුන් ඇතුළත් කළ යුත්තේ පළමු වසරටද නැතිනම් අවසන් වසරටද යන්න තීරණය කරනුයේ කොතලාවල මහාචාර්යවරුන් පවත්වන පරීක්‌ෂණයක්‌ මගින් බවද ඇමැතිවරයා පෙන්වා දුන්නා.

සිසුන් සඳහා උපාධියක්‌ පිරිනැමීම මෙයින් සිදුවන නමුත් ඔවුන්ගේ වෘත්තිය තත්ත්වය තීරණය කිරීමට වෛද්‍ය සභාවට ඇති ස්‌වාධීන අයිතිය පනතින් අහෝසි නොවන බවද ඇමැතිවරයා ප්‍රකාශ කළා.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();