Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ලේක්හවුස් සමාජ සත්කාරක වැඩසටහන් අගය කළ යුතුයි

මිහින්තලේ ප්‍රා‍දේශිය ලේකම් රුවන් ඒකනායක

මිහින්තලා අලෝක පුජාවට සමගාමීව ලේක්හවුස් ආයතනය සමාජ සත්කාරක වැඩසටහන් රැසක් සිදු කිරීම ඉතා අගය කරන බව මිහින්තලේ ප්‍රා‍දේශිය ලේකම් රුවන් ඒකනායක මහතා සඳහන් කළේය.

පනස් හයවන වරටත් ලේක්හවුස් ආයතනය මුලිකත්වයෙන් පවත්වන ආලෝක පුජාවට සමගාමීව බුදුන් වහන්සේගේ සිරිපතුලේ අනුරුවක් වැඩමකරවීම, මහා සෑයේ තින්ත අලේප කිරීම, සතිපිරිත් දේශනය, බුදුසරණ කථික තරගය, සිල් රෙදි දහසක් ප්‍රධානය කිරීම ඇතුළු සමස්ත රටවැසියන් උදෙසා මිහින්තලා පුදබිම කේන්ද්‍ර කරගනිමින් වැඩසටහන් රැසක් සිදු කරනු ලබන බවද හෙතම පැවසීය.

එසේම මෙවර පොසොන් උත්සවය පිළිබඳ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රා‍දේශිය ලේකම්වරයා තවදුරටත් මෙසේද කියා සිටියේය.

අනුබුදු මිහිඳු මා හිමියන් ලංකාවට වැඩම කරවිම සිහිකිරීම නිමිත්තෙන් මිහින්තලා රජ මහා විහාරයේ විහාරාධිපති වළවාහැංගුනවැවේ ධම්මරතන නාහිමිගේ අනුශාසකත්වයෙන් සියලු කටයුතු මේ වනවිට සංවිධානය කර තිබෙනවා.‍ මෙවර පෙරපැවැති පොසොන් උත්සවයන්ට වඩා විශාල බැතිමතුන් සංඛ්‍යාවක් වන්දනාවේ පැමිණෙතැයි අපේක්ෂා කළ හැකියි.

මේ වනවිට මිහින්තලයට පැමිණෙන ජනතාවට අවශ්‍ය ජලය, විදුලිය, සෞඛ්‍ය පහසුකම්, සනිපාරක්ෂක කටයුතු, ආරක්ෂාව, ප්‍රවාහන පහසුකම්, වාහන නැවැත්වීමට අවශ්‍ය රථගාල්, මාර්ග ඇතුළු යටිතළ පහසුකම් සළසා තිබෙනවා.

මිහින්තලේ ප්‍රාදේශිය සභාව, ජලසම්පත් මණ්ඩලය, විදුලි බල මණ්ඩලය, මාර්ග සංවර්ධන අධිකාරිය ඇතුළු රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනවල දායකත්වයෙන් මෙම පහසුකම් සපයා දිමට හැකිවි තිබෙන බවද හෙතම පැවසිය. එසේම වන්දනා පැමිණෙන බැතිමතුන් පුදබිම තුළ කැළි කසළ බැහැර කිරීමෙන් වළකින ලෙසත් පරිසරය පිරිසිදුව තබා ගැනිම කෙරෙහි අවධානය යොමු කරන ලෙසත් මිහින්තලේ ප්‍රා‍දේශිය ලේකම් රුවන් ඒකනායක මහතා ජනතාවගෙන් ඉල්ලා සිටි.

අමිල ප්‍රභාත් වනසිංහ
ඡායාරූප-අනුරාධපුර අතිරේක 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();