අනුරාධපුර නිවන්තක චේතිය විදුහල්පති වශයෙන් කටයුතු කරමින් සිටියදී එම විදුහලේ පැවති උත්සවයකට සහභාගිවූ උතුරු මැද පළාත් මහ ඇමතිවරයා වශයෙන් කටයුතු කළ පේෂල ජයරත්න විසින් තමාට බුලත් අතක් දී පිළිනොගැනිම නිසා ඊට බැණවැදී තර්ජනය කර ස්ථාන මාරුකිරිම පිළිබඳව එම විදුහලේ එවකට සේවය කළ විදුහල්පති කරුණාරත්න විසින් ගොනුකර තිබූ පෙත්සම විභාගයට ගැනීම අවසන් කරමින් අද දිනයේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සිය නඩු තීන්දුව ප්‍රකාශ කරමින් විදුහල්පතිවරයාගේ මූලික අයිතිවාසිකම් කැඩී ඇති බවට තීරණය කළේය. ඒ අනුව ඊට වන්දි වශයෙන් විදුහල්පතිවරයාට රුපියල් ලක්ෂ දෙකහමාරක් ගෙවන ලෙසට එවකට උතුරු මැද පළාත් මහ ඇමතිවරයා වශයෙන් කටයුතු කළ පේෂල ජයරත්නට නියෝග කළේය. ඊට අමතරව රජයේ මුදලින් තවත් රුපියල් පනස්දාහක් ගෙවන ලෙසද නියෝග කළේය. එසේම මාරු කරනු ලැබූ විදුහල්පතිවරයා මාස දෙකක් ඇතුළත ඔහු හිටපු තනතුරේම පිහිටුවන ලෙසටද අදාළ බලධාරින්ට නියෝග කර ඇත.
The post විදුහල්පතිට වන්දි ගෙවන්නැයි මහ ඇමතිට නියෝග. appeared first on Lanka News Column.
0 Comments