Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පර්පෙචුවල් සමාගමෙන් විකෘති කළ හඬ පට කොමිසමට.

Perpetual_Tresuries

ජනාධිපති බැඳුම්කර කොමිසම විසින් කරන ලද නියෝගය අනුව, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට ලැබුණු දුරකථන ඇමතුම්වල, හඬපටවල ඇතැම් සංවාද විකෘති කර මකා දැමීමෙන් අනතුරුව කොමිසම වෙත බාර දී ඇතැයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ලක්මිනි ගිරිහාගම විසින් කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හට දැනුම් දී ඇතැයි සඳහන් වේ. එමෙන්ම මෙම නඩුවේ දෙවැනි විත්තිකාර අර්ජුන් ඇලොෂියස්ගේ අනුබලය ඇතිව පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කළ කසුන් පළිසේන, ප්‍රධාන අලෙවි නිලධාරී නුවන් තිලිණ සල්ගාදු හා ජ්‍යෙෂ්ඨ විකුණුම් නිලධාරී සචිත්‍ර මධුශංක යන අය විසින් එම නීතිවිරෝධි ක්‍රියාව සිදු කර ඇති බව රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරිය අධිකරණයට දැනුම් දී ඇත.

බැඳුම්කර කොමිසමෙන් ලබා ගත් එකී දුරකථන සංවාද ඇතුළත් හඬපට 4 හා පර්පෙචවල් ට්‍රෙෂරීස් සමාගමේ අනුකූලතා නිලධාරීනි විජේවදනී ජේසුදාසන් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන් හඬ පට 4ක් ද රජයේ රසපරීක්ෂක වෙත යොමු කර වාර්තාවක් කැඳවීමට ද කොටුව මහේස්ත්‍රාත්වරිය අද නියෝග කර තිබේ. එම නඩුව ලබන ජුලි 20 වන දා යළි කැඳවීමට නියමිතයි.

 

The post පර්පෙචුවල් සමාගමෙන් විකෘති කළ හඬ පට කොමිසමට. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();