ලෝකයේ රටවල් අතරින් කාන්තාවන්ට වඩාත් අනතුරුදායකම රට ඉන්දියාව බව සමීක්ෂණයකින් හෙලිවී ඇත. තොම්සන් රොයිටර්ස් පදනම විසින් සිදුකරන ලද සමීක්ෂණ වාර්ථාවක මේ බව සදහන් කර ඇත.
එක්සත් ජාතින්ගේ සංවිධානයේ රටවල් 193 සම්බන්ධ කරගෙන විද්වතුන් 548 දෙනෙකු සහභාගි කරගෙන මෙම සමීක්ෂණය සිදුකර ඇත. මීට වසර 07කට පෙර මේ පිළිබඳව පැවති සමීක්ෂණයෙදී හත්වැනි ස්ථානයට පත්ව තිබූ ඉන්දියාව මෙම සමීක්ෂණයට අනුව පළමු තැනට පත්ව ඇත. මෙම සමීක්ෂණයට අනුව සංස්කෘතික චාරිත්‍ර, ලිංගික අඩත්තේට්ටම් හා මිනිස් ජාවාරම් පිළිබදව ඉන්දියාව ඉදිරියෙන්ම සිටින බව සදහන් වේ. මෙම සමීක්ෂණයේදී සෞඛ්‍ය ආරක්ෂණය, සංස්කෘතික චාරිත්‍ර, ලිංගික හා ලිංගික නොවන අඩත්තේට්ටම් හා මිනිස් ජාවාරම් යන දර්ශක හය ඔස්සේ ප්‍රශ්ණ කර ඇතැයිද සඳහන් වේ. කෙසේ වෙතත් මේ පිළිබඳව ඉන්දියාව පවසන්නේ මෙය තම රට අපකීර්තියට පත්කිරිම සඳහා ඉදිරිපත් කරන ලද එකක් බවයි. එම නිසා මෙම වාර්ථාව සම්පුර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවත් ඹවුන් පවසා ඇත.
The post කාන්තාවන්ට අනතුරුදායකම රට ඉන්දියාවයි. appeared first on Lanka News Column.
0 Comments