පසුගිය රාජපක්ෂ පාලන සමයේ සිදුවූ මිග් යානා ගනුදෙනුව ඇතුළු තවත් මුල්‍ය අවභාවිතාවන් ගණනාවකට සම්බන්ධව චෝදනා එල්ල වී ඉන්ටර්පොල් රතු වරෙන්තු නිකුත් කර ඇති රුසියාවේ හිටපු ශ‍්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මෙරටට ගෙන්වා දෙන බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කළ ප්‍රකාශයට මේ වන විට විරෝධතා රැසක් එල්ල වී ඇත . ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් කියා සිටින්නේ ජාත්‍යන්තර වරෙන්තුකරුවෙකු සමග පවත්නා හිතවත්කම පිළිබඳව මහින්ද රාජපක්ෂ ගෙන් ද ප්‍රශ්න කළ යුතු බවයි. ආණ්ඩුව උදයංගව ගෙන්වා ගැනීමට සියළු කටයුතු සූදානම් කර තිබියදී දැන් මහින්ද රාජපක්ෂ කරන ප්‍රකාශය ගැන සුළුවෙන් තැකිය නොහැකි බවද මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා වැඩි දුරටත් කියා සිටියි.
The post ජාත්‍යන්තර වරෙන්තුකරුවෙකු සමග සම්බන්ධකම් පැවැත්වීම,මහින්ද රාජපක්ෂගෙනුත් ප්‍රශ්න කලයුතුයි. appeared first on Lanka News Column.
0 Comments