පාතාලය මර්දනයට, පොලීසිය අධිකරණය ඒකාබද්ධ වැඩ පිළිවෙළක් දියත් කර තිබෙන බවත් පාතාලය මර්දනය කිරීමේ වගකීම කරගෙන යන බවත් ඒකට පක්ෂයක්, පාටක්, ආගමක් නොමැති බවත් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරල ප්‍රකාශ කර සිටී. අමාත්‍යවරිය මෙම අදහස් පළ කළේ වැලිකඩ බන්ධනාගාරයේ කටයුතු පිළිබදව සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි.
එහිදී තවදුරටත් අදහස් දැක් වු අමාත්‍යවරිය,
මෙතනදී අදහස් පළ වුණා පාතාල ක්‍රියා මර්දනය කිරිම සදහා ප්‍රාදේශීය අධිකරණ පිහිටුවන ලෙස. ඒක කලොත් එහෙම මේ රටට ආපසු අර 2015 ට ඉස්සෙල්ලා ගිය විදිහට ආපසු යන්න වෙනවා. පාතාලයක් මෙහේ තියෙනවා කියලා ඇයි අපි අනන්‍යතාවයක් තහවුරු කර ගන්නේ පාතාල අධිකරණයක් පිහිටුවලා එහෙම දෙයක් නිකමටවත් හිතන්න එපා. පාතාලය මර්දනයට පොලීසිය අධිකරණය ඒකාබද්ධ වැඩ පිළිවෙළක් දියත් කර තිබෙනවා. පාතාලය මර්දනය කිරීමේ වගකීම අපි කර ගෙන යනවා. පාතාලය මර්දනය කරන්න අපි කටයුතු කර ගෙන යනවා, ඒකට පක්ෂයක් නැහැ පාටක් නැහැ ආගමක් නැහැ.
අපි දේශපාලඥයින් විදිහට මේ තනතුරුවලට ඇවිත් තියෙන්නේ තාවකාලිකවයි. ඒ කාලය තුළ අපේ කාර්ය භාරය අපි හිරි හැටි කරන්න ඕන. අපි මෙතනින් අයින් කළොත් වෙනත් තැනකට යයි. ජනතාව ප්‍රතික්ෂේප කළොත් ගෙදර යයි. ඒත් මේ ආයතන ඉදිරියට යන්න ඕන. මේවාට හොද අනන්‍යතාවයක් තියෙන්න ඕන. ඒ වගේම බන්ධනාගාර නිලධාරීන් වන ඔබගෙන් ද ඔබේ වගකීම යුතුකම් හරි හැටි ඉටු වෙන්න ඕන. මොක ද ඔබ සියලු දෙනාම මේ තනතුරුවලට පත් වෙලා ඉන්නේ නිදහස් අධ්‍යාපනය නිසයි. නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගත් සියලු දෙනාම මේ රටට ජනතාවට ණයයි.
රජයේ නිලධාරීන් ලෙස වගකීම ඉටු කරනවා වගේම ඔබගේ නිල ඇදුමේ ගරුත්වය ආරක්ෂා වෙන පරිදි රාජකාරි කිරීම ද සිදු කළ යුතුයි.බන්ධනාගාරය පිලිබදව බරපතල විවේචන තිබෙනවා. ඒ විවේචන වලින් මිදිලා යහපත් මගකට මේ ආයතන යොමු කළ යුතුයි. ඒ සදහා හරි දේ කරන ලෙස ඉල්ලා සිටිනවා.
ඇතැම් බන්ධනාගාර තුළ සිරමැදිරි තුළ සිදු වන දේවල් පිළිබදව පොලිසිය තොරතුරු ලබා දී තිබෙනවා. ඒ පිලිබදව කණගාටු දායක තත්වයක් තිබෙන්නේ. සිරකරුවෝද මනුෂ්‍ය යෝය යන්න කල්පනා කරලා අපි වැඩ කටයුතු කළ යුතුයි. කුමක් හෝ සිදු වු වරදක් නිසා සිරකරුවෙක් බවට පත් වෙන්න සිදුව තිබෙනවා. ඒ පිළිබදව ඒ අය අද කණගාටු වෙනවා. දුක් වෙනවා බන්ධනාගාර තුළ අද පවතින ජනගහණය අනුව ප්‍රමාණවත් ඉඩ කඩ නොමැති බව අපි පිළි ගත යුතු බව ද අමාත්‍යවරිය සදහන් කළාය.
The post පක්ෂයක්, පාටක්, ආගමක් නැහැ.පාතාලය මර්දනය කිරීම කරනවා – ඇමතිනිය කියයි. appeared first on Lanka News Column.
0 Comments