මෙක්සිකෝවේ සිට නීති විරෝධි ලෙස අමෙරිකාවට ඇතුළුවන සරණාගත දෙමාපියන් සහ දරුවන් වෙන්කර තැබිමේ ප්‍රතිපත්තිය ජනාධිපති ආර්යා විසින් හෙලා දැක තිබේ.
රට සියලු නීතිවලට අනුව කටයුතු කළ යුතු බව පිළිගත යුතු වුවද පාලනයේදී මානව හිතවාදි බව ද තිබිය යුතු බව ඇයගේ ප්‍රකාශිකාව සඳහන් කර ඇත.
අමෙරිකානු නීතිපතිවරයා විසින් අදාළ නීතිය පසුගිය මාසයේදී ප්‍රකාශයට පත් කර තිබුණි.
ඒ අනුව ගත වූ සති 06ක පමණ කාලයකදී අනවසරයෙන් ඇතුළු වූ පවුල් 2000ක පමණ දරුවන් සහ මව්පියන් වෙන් කොට තබා ඇති බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන මෙලනියා ට්‍රම්ප් පවසන්නේ කොංග්‍රසය තුළ ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකන් නියෝජිතයින් එක්ව නව නීතියක් සම්පාදනයට කටයුතු කළ යුතු බවයි.
0 Comments