තැපැල් සේවකයින් ආරම්භ කළ වැඩවර්ජනය අද 15 වන දිනටත් ක්‍රියාත්මක වන අතර කෙසේ වෙතත් හෙට දිනය වන විට තැපැල් සේවකයන්ගේ ගැටළුවලට විසඳුම් ලබා දීමට බලාපොරොත්තු වන බව තැපැල් අමාත්‍ය ඒ.එච්.එම්.හලීම් සඳහන් කර සිටී.
ඒ පිළිබඳ අදහස් දැක්වූ තැපැල් අමාත්‍යවරයා,
“මම කණගාටු වෙනවා තැපැල් කඩා වැටීම් සම්බන්ධව. මම දන්නවා දැන් ගොඩක් දේවල් සිදු කරන දේවල් දැන් බොහොමයක් හිර වෙලා තියෙනවා. ඒ නිසා ජනතාවට මගේ කණගාටුව ප්‍රකාශ කරනවා. මම බලාපොරොත්තු වෙනවා අඟහරුවාදා වෙනකොට මේ සියලු ප්‍රශ්න අවසන් කරලා තැපෑල සුපුරුදු පරිදි ජනතාව වෙනුවෙන් සේවය කිරීමට බැඳී සිටිනවා. විශේෂ ක්‍රමවේදයක් අපි යොදවලා ඒ වැඩ පිළිවෙල අපි ක්‍රියාත්මක කරනවා.” යැයි පැවසීය.
The post හෙට තැපැල් සේවකයින්ට විසඳුම්. appeared first on Lanka News Column.
0 Comments