ඒකාබද්ධ විපක්‍ෂය තුළ පුද්ගලවාදය මිස ප්‍රතිපත්තියක් නොමැති වීම නිසා දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, තිස්ස විතාරණ, ඩිව් ගුණසේකර ඇතුළු නායකයන් පිරිසක් දැඩි කලකිරීමකින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර සිටී.
ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන මේ පිළිබඳව දැඩි කලකිරීමකින් ඒකාබද්ධ විපක්ෂය අභ්‍යන්තරයේ සහ තම හිතවතුන් සමඟ අදහස් දක්වා ඇතැයිද පැවසේ. ආණ්ඩුවේ වැඩපිළිවෙල පිළිබඳව ප්‍රතිපත්තිමය ලෙස විකල්පයක් ඉදිරිපත් නොකර රාජපක්ෂ පවුල කේන්ද්‍ර කරගත් පුද්ගලවාදයක් ක්‍රියාත්මක කරන බවට මෙම කණ්ඩායම චෝදනා කරන බවද සඳහන් වේ.
එමෙන්ම මේ පිළිබඳව එම කණ්ඩායම විසින් ඒකාබද්ධ විපක්‍ෂයේ නායක මට්ටමේ රැස්වීම්වලදී සකච්ඡා කර තිබුණද ඒකාබද්ධ විපක්‍ෂයේ අනෙක් පක්‍ෂවල නායකයන් එම යෝජනා නොතකා හැර ඇතැයිද ආරංචි මාර්ග සඳහන් කර ඇත.
The post පවුල ගැනම කතාවෙන් ඒකාබද්ධ නායකයෝ කලකිරෙයි. appeared first on Lanka News Column.
0 Comments