Ticker

6/recent/ticker-posts

Header Ads Widget

උඳු ආනයනය සීමා කිරිමට රජයෙන් පියවර.

Undu

අතිරේක ආහාර භෝග කාණ්ඩයට අයත් වන  ප්‍රධාන ආහාර භෝගයක් වන උඳු ආනයනය සීමා කිරීම සඳහා පැවති විශේෂ වෙළඳ භාණ්ඩ බද්ධ ඉහළ නැංවීමට පසුගියදා පැවති ජීවන වියදම් කමිටුව තීරණය කරන ලදී. ඒ අනුව ආනයනික උඳු කිලෝවක් සඳහා මෙතෙක් පැවති රු. 100ක ආනයනික බද්ද රු. 150 දක්වා ඉහළ දැමීමට තීරණය කර තිබේ. විශේෂයෙන් දේශීය උඳු ගොවියාට තම නිෂ්පාදන සඳහා ඉහළ මිලක් ලබාදීම මෙහි මූලික අරමුණ වන අතර  දැනට ගොවීන් සතුව පවත්නා උඳු සඳහා ඉහළ මිලක් ලබාගැනීමට මේ තුළින් හැකි වේ. ඒ අනුව දැනට ගොවීන් සතුව පවත්නා උඳු සඳහා ඉහළ මිලක් ලබාගැනීම මෙන්ම එළඹෙන කන්නයේ උඳු වගාකරුවන් දිරිමත් කිරීම් ද මේ හරහා සිදුවනු ඇත. මන්ද තම නිෂ්පාදන සඳහා ඉහළ මිලක් ලබාගැනීමේ පරිසරය මේ තුළින් නිර්මාණය වී තිබීමයි. එසේම තත්ත්වයෙන් ඉහළ මට්ටමක මෙන්ම ඉහළ පෝෂදායී තත්ත්වයෙන් ඇති උඳු ආශ්‍රිත නිෂ්පාදන රැසක් දේශීයව නිෂ්පාදනය වන අතර එම කර්මාන්තකරුවන් මෙම දේශීය උඳු තම කර්මාන්ත සඳහා යොදාගැනීමට පෙළඹවීම ද මෙම බදු පැනවිම තුළින් අපේක්ෂා කරනු ඇත.

දිවයිනේ උඳු වගාකරන ප්‍රධාන දිස්ත්‍රික්කයන් ලෙස අනුරධාපුර, මුලතිව් සහ වව්නියාව හදුනාගත හැකි අතර ලංකාවේ සාමාන්‍ය වාර්ෂික උඳු නිෂ්පාදනය මෙ.ටො.11,000ක් පමණ වේ. මෙම සමස්ථ නිෂ්පාදනයෙන් 85%ක් පමණම මහ කන්නයේ නිෂ්පාදනය කරන අතර හෙක්ටයාර් 16,000 ක් පමණ මහ කන්නයක් තුළ වගාකිරීම් සිදුවේ. මාසික උඳු අවශ්‍යතාවය මෙ.ටො. 1600ක් පමණ වේ. දේශීය ව නිෂ්පාදනය වන ආහාර භෝගයන් හි දැනට සිදුවන ආනයනයන් ඉදිරියේදී මුළුමනින් ම නවතා දැමීමටත් දේශීය අවශ්‍යතාවය රට තුළින් ම නිෂ්පාදනය කර ගැනීම ත් රජයේ මූලික අරමුණ වේ.

ඩබ්.එච්.දුමින්ද ප්‍රියදර්ශන

ජ්‍යෙෂ්ඨ පර්යේෂණ නිලධාරී/ජීවන වියදම් කමිටු සාමාජික

අලෙවි, ආහාර ප්‍රතිපත්ති හා කෘෂි ව්‍යාපාර අංශය

හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය

The post උඳු ආනයනය සීමා කිරිමට රජයෙන් පියවර. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();