ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් හෙට (27) මොස්කව් නුවර දී රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැවරොෆ් මුණ ගැසෙන බව විදෙස් මාධ්‍ය සදහන් කර තිබේ.
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් සංවිධාන කිරීම ද ඔවුන් අතර සාකච්ඡාවේදී අවධානයට යොමුව ඇත.
ඇමරිකානු පාර්ශවයෙන් අනුමැතියක් ලැබෙන්නේ නම්, ජනපති ට්‍රම්ප් මුණ ගැසීමට සූදානම් බවයි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පසුගිය දා ප්‍රකාශ කළ අතර එම හමුව සඳහා ඔහු යෝජනා කළේ වියෙනා නුවරයි.
0 Comments