පසුගිය පාලන සමයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ, වැලිගත්ත ප්‍රදේශයේ කිසිඳු විශ්වවිද්‍යාලයකට අයත් පීඨයක් නොමැති තත්වයක් තුළ කොළඹ විශ්වවිද්‍යාලයට අයත් කාමර 100ක නේවාසිකාගාරයක් උසස් අධ්‍යාපන අමාත්‍යංශය විසින් ගොඩනඟා ඇති බව සඳහන් වේ. පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරණු ලැබූ රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාවේ වාර්ථාවෙන් මෙම තොරතුරු හෙළි වී ඇතැයිද පැවසේ.
වැලිගත්ත ප්‍රදේශයේ කොළඹ විශ්වවිද්‍යාලයේ ජෛව තාක්ෂණ පීඨය ගොඩනැඟීමට යෝජිතව තිබුණද, එම පීඨය ගොඩනැඟීමට පෙර රුපියල් මිලියන 219ක් වැය කරමින් මෙම නේවාසිකාගාරය ඉදිකර ඇතැයිද සඳහන් වේ. එමෙන්ම මෙම කාමර 100කින් යුත් නේවාසිකාගාරයේ ඉඳිකිරීම් 2013 වර්ෂයේදී ආරම්භ කර ඇති අතර පසුව මෙහි ස්ථාපිත කිරීමට යෝජිත කොළඹ විෂ්වවිද්‍යාලයට අනුබද්ධිත ජෛව තාක්ෂණ පීඨය ස්ථාපිත නොකිරීමට තීරණය කිරීමත් සමඟ මෙම නේවාසිකාගාරය ඵලදායී ලෙස ප්‍රයෝජනයට ගත නොහැකි තත්වයට පත්වී ඇතැයිද සඳහන් වේ.
The post මහින්ද හැදූ කොළඹ සරසවියේ නේවාසිකාගාරයක් හම්බන්තොටින් මතුවේ. appeared first on Lanka News Column.
0 Comments