Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පරීක්‍ෂණ ඉක්මන් කරන්න ජනපති කිව්වත් ගැටළු රැසක්.

lnc 4

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් පොලිස්පතිවරයා ගෙන්වා එක්නැලිගොඩ පිළිබඳ පරීක්‍ෂණ, වසීම් තාජුඩීන් ඝාතනය පිළිබඳ පරීක්‍ෂණ, ලසන්ත වික්‍රමතුංග ඝාතනය පිළිබඳ පරීක්ෂණය ආදිය කඩිනම්ව අවසන් කරන්නැයි උපදෙස් ලබාදුන්නද එම පරීක්‍ෂණ සඳහා සහාය දියයුතු අනෙකුත් රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට ඒ පිළිබඳ දැනුම් නොදීම නිසා පරීක්‍ෂණ කඩිනම් කිරීම දුෂ්කර වී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කර සිටී.

එමෙන්ම මේ පිළිබඳව අදහස් දැක්වූ රහස් පොලිස් ඉහළ නිලධාරියෙකු ප්‍රකාශ කර ඇත්තේ යුධ හමුදාපති, නාවික හමුදාපති සහ නීතිපතිගේ නිසි සහාය නොලැබෙන හේතුවෙන් පරීක්‍ෂණ සියල්ල දුෂ්කර වී ඇති බවය. ඒ හේතුවෙන් මෙම පාර්ශවයන්ද ගෙන්වා අවශ්‍ය සහාය ලබාදීම සඳහා උපදෙස් ලබාදෙන්නේ නම් සහ එම ප්‍රධානීන් එම උපදෙස් ක්‍රියාත්මක කරන්නේ දැයි නිසි විපරමක් කරන්නේ නම් මෙම පරීක්‍ෂණය නිසි මඟට ගැනීම දුෂ්කර නොවන බවය.

The post පරීක්‍ෂණ ඉක්මන් කරන්න ජනපති කිව්වත් ගැටළු රැසක්. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();