ඉන්ෆ්ලුවෙන්සා වෛරස් උණ රෝගයට ලක්විමෙන් මැයි මාසයේ සිට ජුනි මස 18 වැනිදින දක්වා කාලය තුලදි කරාපිටිය ශික්ෂණ රෝහලේ ළමා දැඩි සත්කාරක ඒකකයේ හා වාට්ටුවල ප්‍රථිකාර ලබමින් සිටි කුඩා දරුවන් 20 දෙනෙකු මියගොස් තිබෙන බව රෝහල් අධ්‍යක්ෂක ජයම්පති සේනානායක පවසයි.
වෛරස් උණ රෝගය වැළදිමෙන් තවත් කුඩා දරුවෙකු මියගොස් ඇති බැව් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ජයම්පති සේනානායක මහතා පවසයි. මියගොස් ඇත්තේ අවුරුද්දක් හා මාස දෙකක් වියැති දරුවෙකි. එම දරුවා ගොනපිනුවල ප්‍ර දේශයේ පදිංචි දරුවෙකි. හෘද වස්තුවේ ඇතිවු රෝගි තත්වයක් නිසා මෙම දරුවා කරාපිටිය රෝහලේ ළමා දැඩි සත්කාරක ඒකකයට ඇතුලත් කොට තිබේ.
රෝහල් අධ්‍යක්ෂකරවරයා පවසන්නේ මේසේ මියගිය දරුවන්ගෙන් දහ දෙනෙකුම හෘද වස්තුවේ සිදුරු, මෝලයේ ආබාධ, උපතින්ම ඇතිවු ආබාධයන්, විවිධ සංකුලතා වලට ලක්වු ප්‍රතිශක්තිකරණය අඩු දරුවන් බවය. එම දරුවන්ට වෛරස් උණ වැලදිමේ වැඩි ඉඩක් පවතින බවද රෝහල්අධ්‍යක්ෂකවරයා පවසයි.
වෛරස් උණ රෝගය පාලනය වි ඇති බව පවසන රෝහල් අධ්‍යක්ෂකවරයා වෛරස් උණ වැළදිමෙන් රෝහල්ගතවන දරුවන්ගේ සංඛ්‍යාව විශාල වශයෙන් අඩුවි ඇත. රෝහලේ ළමා වාට්ටුවලට වෛරස් උණ වැළදි දරුවන් 12 දෙනෙකු පමණ ඇතුළත්ව සිටින බව සදහන් කළ රෝහල් අධ්‍යක්ෂකවරයා ඉන්ෆ්ලුවෙන්සා වෛරස් A බවට හදුනාගෙන ඇත්තේ ඉන් දරුවන් දෙදෙනෙකු බවද සදහන් කළේය.
සුනෙත් ගාල්ලගේ - rivira
සුනෙත් ගාල්ලගේ - rivira
0 Comments