Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මාස හයට ඒඩ්ස් රෝගීන් 160ක්.

HIVAIDS

මේ වසරේ ගත වූ පළමු මාස හයක කාලය තුළ දිවයින පුරා හඳුනාගත් ඒඩ්ස් රෝගීන් 160ක් වාර්ථා වී ඇති බව ජාතික ලිංගාශ්‍රිත හා ඒඩ්ස් රෝග මර්දන ව්‍යපාරයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය සිසිර ලියනගේ සඳහන් කර ඇත.

ඒ අනුව 2018 වර්ෂයේ මුල් කාර්තුව තුළ ඒඩ්ස් රෝගීන් 81 දෙනෙකුත්, දෙවැනි කාර්තුවේ 80 දෙනෙකුත් වාර්ථා වී ඇති බව පවසන වෛද්‍යවරයා මේ වන විට දිවයින පුරා හඳුනාගත් සමස්ත ඒඩ්ස් රෝගීන් සංඛ්‍යාව 2,800ක් බවද පවසා ඇත. එමෙන්ම හඳුනාගත් ඒඩ්ස් රෝගීන් සංඛ්‍යාවෙන් තුනෙන් දෙකක් පිරිමි අය වන බවත්, අනාරක්‍ෂිත ලිංගික ඇසුර මීට ප්‍රධාන හේතුන් වී ඇති බවත් පවසා සිටී.

වෛද්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටින්නේ, පසුගිය වසර කිහිපයේ වසරකට කාන්තාවන් 60ක් පමණක් වාර්ථා වූ බවත්, පිරිමි පුද්ගලයින් 220ක් පමණ වාර්ථා වූ බවත්ය. එමෙන්ම මෙතෙක් වාර්ථා වූ ඒඩ්ස් රෝගීන් අතුරින් සමලිංගික සම්බන්ධතා නිසා ඒඩ්ස් රෝගය වැළඳුනු පිරිමි පුද්ගලයින් 220ක් පමණ සිටින බවත්ය. වැඩිම ඒඩ්ස් රෝගීන් ප්‍රමාණයක් බස්නාහිර පළාතෙන් වාර්ථා වී ඇති  බවත්ය.

The post මාස හයට ඒඩ්ස් රෝගීන් 160ක්. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();