ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පරිපාලනය කිරීමට මෙරට සිටින සුදුසුම පුද්ගලයා තමන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අතුරු කමිටු සභාපති තිලංග සුමතිපාල මහතා පවසා සිටියි. ඒ මහතා මේ බව පවසා සිටියේ, 01 වැනිදා ක්‍රිකට් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවේදීය.
එමෙන්ම මෙරට ක්‍රීඩා සමාජ 84න් 61ක්ම මේ වනවිටත් ඉදිරි වසර දෙක සඳහා තමන්ව සභාපතිවරයා ලෙස යෝජනා කොට ස්ථිර කර ඇති බවද අතුරු කමිටු සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුමතිපාල මහතා,
“ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරයට සුදුසුම පුද්ගලයා මමයි. සමාජ 84න් 61ක්ම මාව යෝජනා කරලා ස්ථිර කරලා තියෙනවා. සාමාජිකයන්ගෙන් 80%ක් පමණ මට ලිඛිතව දන්වලා තියෙනවා සහයෝගය දෙනවා කියලා. ක්‍රිකට් ආයතනය බිලියන 5ක් පමණ ණය තිබුණා. එම ණය ප්‍රමාණය ගෙවලා අපි දැන් බිලියන 2ක පමණ සංචිතයක් පවත්වාගෙන යනවා. අපේ මූල්‍ය ශක්තිය ඉතාමත් හොඳයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ ශක්තිමත්ම මූල්‍ය ශක්තිය තියෙන්නේ අපිට”
ක්‍රීඩා නීතියට අනුව ක්‍රිකට් සභාපති ධුරයේ කටයුතු කළ නොහැකි බවට එල්ල වන චෝදනාවට අතුරු කමිටු සභාපතිවරයා මෙසේ පිළිතුරු දුන්නේය.
“සෑම ඡන්දයක් කාලයේම වරින් වර ඔය චෝදනා ඇවිත් තියෙනවා. එකක් තමයි මම මාධ්‍යයට සම්බන්ධයි කියලා. මම ‘රැජින’ පුවත්පත පටන් ගත්තේ 1986දී. එයට දැන් වසර 32ක් පමණ වෙනවා. 94 හෝ 95 තමයි ‘ලක්බිම’ පුවත්පත ආරම්භ කරන්නේ. ඒක මගේම නිර්මාණයක්. ඒ සියල්ල ඇත්ත.මම 95 වසරේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ උපසභාපති වෙනවා. එහි නීතියට අනුව මාධ්‍ය ආයතනයක අධ්යක්ෂවරයකු ලෙස කටයුතු කරන්න බෑ. එතැන් සිට වසර 10ක පමණ කාලයක් මම මාධ්‍ය ආයතනයක කටයුතු කරලා නෑ. ඒ නිසා එම චෝදනාවේ වලංගුභාවයක් නෑ.
අනෙක් එක තමයි ක්‍රීඩා භාණ්ඩ පිළිබඳ චෝදනාව. මීට වසර හතරකට පමණ පෙර මම නාමයෝජනා දෙන්න දින දෙකකට පෙර මගේ භාර්යාව එවැනි ආයතනයකින් ඉවත් වුණා කියලා මගේ නාමයෝජනා ඉවත් කළා.ඇත්ත. ඉස්සරම මට තිබුණා. මීට වසර හයකට පමණ පෙර. නමුත් මම ධුර දරනවානම් ඉන්න එක හොඳ නැති නිසා මම ඉවත් වුණා. ඒ නිසා මට ඒක බලපාන්නෙත් නෑ.
‘සූදු ව්‍යාපාරය ගැන කතා කරනවා. ඇත්තෙන්ම මගේ පියා ඔය ව්‍යාපාරයට සම්බන්ධයි. ඒක හැමෝම දන්නවා. මට එම ව්‍යාපාරයට සම්බන්ධයක් නෑ කියලත් හැමෝම දන්නවා. එය උසාවිවලට පවා ගෙනල්ලා, ඒ කිසි තැනකින් මට සම්බන්ධතාවක් තියෙනවා කියලා ඔප්පු වෙලත් නෑ. නමුත් එය දිගින් දිගටම මගේ චරිතය ඝාතනය කරන්න, මට මඩ ගහන්න, මගේ ප්‍රතිරූපය වට්ටන්න නිරන්තරයෙන්ම පාවිච්චි කරනවා.
‘ඔය නීතිරීති ගෙනාවේ තරග පාවාදීම පිළිබඳව කටයුතු කරන්න. 95 සිට මම ක්‍රිකට් පරිපාලනයේ ඉන්නවා. මගේ තරග පාවාදීමට අබමල් රේණුවකවත් සම්බන්ධයක් නෑ. චෝදනාවකුත් නෑ.‘අපි බංග්ලාදේශයට ගිහින් තරග ජය ලැබුවා. එතකොට ඕවා කතා කළේ නෑ. තරග පරදින විට තමයි ඕවා ඉදිරියට එන්නේ. මේ සියලු දේ කරන්නේ එකම පිරිසක්.
‘අපි ක්‍රීඩා ඇමතිවරයා හමුවුණා. විශේෂ මහරැස්වීම මේ මස 19 වැනිදා පවත්වා නිලවරණ කමිටුවක් පත් කරගෙන, මහසභාව මේ මස 31 වැනිදා පැවැත්වීමට අවසර ඉල්ලුවා. අපි ඒ පිළිබඳව බලාපොරොත්තුවෙන් ඉන්නවා.විධායක සභාව පත්කළ නිලවරණ කමිටුව නෛතික වශයෙන් පිළිගන්න බෑ කියලා තමයි දැනුම්දී තිබුණේ. විධායක කමිටුව පත්කළ නිලවරණ කමිටුව පිළිබඳව කිසිවෙකුට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. එය අපිත් පිළිගන්නවා. විශේෂ මහසභාවකදී සාමාජිකයන්ගේ අනුමැතියෙන් නිලවරණ කමිටුවක් පත්කරන එක හොඳයි කියලා අපිත් හිතනවා.මේ මස 31 වැනිදා මහසභාව පවත්වා ගිණුම් වාර්තා ඉදිරිපත් කිරීම, නිලධාරීන් පත්කිරීම යන කටයුතු ඉටුකිරීමේ අවස්ථාව ලැබෙයි කියලා අපේ බලාපොරොත්තුවක් තියෙනවා.’
අවලංගු කළ නිලවරණ කමිටුව යටතේ ඉදිරිපත් කළ නාමයෝජනා පිළිබඳව අදහස් දැක්වූ අතුරු කමිටු සභාපතිවරයා,
‘නාමයෝජනා ඉදිරිපත් කිරීම අවසන් වෙලා තියෙන්නේ. අප්‍රේල් මස 06 වැනිදා කැඳවලා පසුගිය 27 වැනිදා පස්වරු 3.00 දක්වා නාමයෝජනා ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබුණා. නාමයෝජනා බාරගැනීම දැන් අවසන්, නාමයෝජනා බාරගැනීම අත්හිටුවලා තිබුණෙ නෑ. අපිට දැනුම් දීලා තියෙන්නේ නාමයෝජනා විවෘත කරන්න එපා කියලා. ඒ නිසා එය ලේකම්වරයා සහ ප්‍රධාන විධායකවරයා බාරයේ තිබෙනවා. නාමයෝජනා විවෘත කරන්න විතරයි තියෙන්නේ. නැවත නාමයෝජනා කැඳවීමක් මේ වෙලාවේ නෛතික වශයෙන් අවශ්‍ය නෑ. නව කමිටුව පත්වුණාම ඒ ඉදිරි වැඩකටයුතු කරගෙන යන්න කියලා බාර දෙන්න තමයි තියෙන්නේ’ යැයි පවසා සිටියේය.
එහිදී ලසිත් මාලිංග පිළිබදව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දරණ මතය පිලිබදවද එම මාධ්‍ය හමුවේදී තිලංග පවසා සිටියේය.
‘එයා පළාත් තරගාවලියට එන්නේ නැත්තම් සෙලෙක්ටර්ස්ලට එයාව තෝරගන්න බෑ.එයා ඇවිල්ල දක්ෂතා පෙන්නන්න ඔ්න කන්ඩායමට තෝරගන්න නම්.. ලසිත් මාලිංගට තවමත් විස්සයි විස්ස තරගාවලියට ප්‍රයෝජනයක් ගන්න පුලුවන් ක්‍රිඩකයෙක්..එයාව අපි ඉවත් කරල නෑ..පළාත් තරගාවලිය කෙසේ වෙතත් එයා එහෙ තරග සෙල්ලම් කරනවනම් ,අයි.පී.එල් තරගාවලියේ නිත්‍ය ක්‍රීඩකයෙක් වශයෙන් ක්‍රීඩා කරනවනම් අපිට ප්‍රශ්නයක් නෑ..හැබැයි එයා බෙන්ච්එකේ නම් ඉන්නේ තේරීම් කමිටුවට සිද්ද වෙනවා එය මොනවගේ තරගකාරී ක්‍රිකට් ද ගහන්නේ කියලා තීරණය කරන්න..’යැයි පවසා සිටියේය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපසභාපතිවරුන් වන මොහාන් ද සිල්වා, කේ. මතිවානන්, ලේකම් රොෂාන් බියන්වල සහ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා යන මහත්වරුද සහභාගි වූහ.
from Gossip Lanka News & Video https://ift.tt/2rg1Pwg
via internet
0 Comments