Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඇඹිලිපිටිය කඩදාසි කර්මාන්ත ශාලාව නැවත විවෘත කරන තෙක් දහස් ගණනක් බලා ඉන්නවා

ඇඹිලිපිටිය කඩදාසි කම්හල නැවත විවෘත කර ගැනීම සඳහා කම්හලේ සේවය කළ කම්හලට ආදරය කරන දහස් ගණනක් සේවක සේවිකාවන් තවමත් පෙරුම් පුරා බලා ඉන්නවා යැයි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ඇඹිලිපිටිය හිගුරආර ශ්‍රී බෝධිරාජ පදනමේ සභාපති ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ කියා සිටිති. උන් වහන්සේ එසේ ප්‍රකාශ කළේ රුහුණු සබරගමු ජනමාධ්‍යවේදී සංසදයේ මාධ්‍යවේදීන් හමුවේ දීය. තවදුරටත් සෝභිත හිමියෝ මෙසේද පැවසීය. වැසී ගිය ඇඹිලිපිටිය කඩදාසි කම්හල යළි පටන් ගන්නේ කවදාද කියා රටේම ජනතාව විමසා සිටිනවා. ජනාධිපතිතුමා 2010 ජූනි මාසයේ ඇඹිලිපිටියට ම ඇවිල්ලා පැහැදිලිවම පොරොන්දුවක් දුන්නා කඩදාසි කම්හල යළි ආරම්භ කරනවා කියා. අද වන විට ඒ පොරොන්දුවට වසර දෙකයි. කඩදාසි කම්හල අවුරුදු හතක් තිස්සේ අක්‍රිය වෙලා තියෙන්නේ. මේ කර්මාන්තශාලාව ආසියාවේ ලොකුම කම්හලක්. නමුත් මෙය ක්‍රියාත්මක කරන්න පුළුවන් කියා විශේෂඥ මතයක් තිබෙනවා. ඒ අනුව ආණ්ඩුව හෙව්වා ආයෝජකයෝ ලෝකෙම ප්‍රසිද්ධ කරලා. ඇත්ත වශයෙන් අපිත් අපට පුළුවන් හැටියට ආයෝජකයෝ වෙනවා. ආයෝජකයෝ හොයාගන්න බැරිවුණා. අවසානය මෙන්න එක ආයෝජකයෙක් ඉදිරිපත් වෙලා ඉන්නවා. ඒ ආයෝජකයා ඉතාමත් ශක්තිමත් ප්‍රබල ව්‍යාපාරිකයෙක් හැටියට දැන් ඉදිරිපත් වෙලා ඉන්නවා. මහජනතාව අහනවා විමසනව ආයෝජකයෝ ඉදිරිපත් වෙලා ඉද්දි ඇයිද මේ කම්හල භාර නොදෙන්නේ කියලා. අනිත් එක මේ ඉල්ලන්නේ සින්නක්කර නෙවෙයි. බද්දට තිස් අවුරුදු බදු කුලියට. මීට කලින් පැවති ආණ්ඩුව හොරුන්ට, කපටින්ට, තක්කඩින්ට, උකස් තිබ්බා. බදු දුන්නා. එහෙම කරලා මෙකේ සිරි මාංසය ඔක්කොම හූරගෙන කන තත්ත්වයට පත්වුණා. එහෙම වෙලත් තාමත් කඩදාසි කම්හල පණ අදිමින් තියෙනවා. තාමත් පණ ගහන්න පුළුවන්, අපි මේ ආණ්ඩුවෙන් අහනව, විමසනව, ආයෝජකයෝ ඉදිරිපත් වෙලා ඇයිද මේ කම්හල නොදෙන්නේ ඔහු හොරෙක් නොවන නිසාද? හොරුන්ට විතරද මේක දෙන්නේ? මහජනතාව අහනව මහජනතාව පැහැදිලිවම දන්නවා මේ කම්හල හොරුන්ට දීලා විනාශ කරපු හැටි. අපි ජනතාව වශයෙන් මේ ප්‍රදේශය පොරොත්තු වෙනවා අලුතෙන් ඉදිරිපත් වෙච්ච ආයෝජකයෙක් ඉන්නවා නම් එසේ නොමැති නම් වෙනත් ආයෝජකයෙක් හරි ඉන්නවා නම් කරුණාකරලා මේ වගකීම් භාර දෙන්න. මේ ජාතික සම්පත නැවත සක්‍රීය කරන්න. යැයි පැවසීය

උඩවලව විශේෂ සේන විදාන ගමගේ

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();