Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අනුරපුර දිසාවේ පානීය ජල ප්‍රශ්නයට කඩිනම් විසැඳුම්

අනුරාධපුර දිස්ත්‍රික්කයේ පානීය ජල හිඟයට විසඳුම් සෙවීම සඳහා කඩිනම් පියවර ගැනේ. ජනාධිපතිතුමාගේ උපදෙස් මත ජනාධිපති ලේකම් කාර්යාලය මේ සඳහා මැදිහත් වී කටයුතු කරයි. ජලය හිඟ ප්‍රදේශ වල පානීය ජල ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය සුදුසු ජල මූලාශ්‍ර සොයා ගැනීම ගැටලුවක්ව පවතී. මෙම පසුබිම තුළ වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණය අමාත්‍යාංශය නගර සැලසුම් හා ජල සම්පාදනය අමාත්‍යාංශය, මහවැලි සංවර්ධන හා පරිසර කටයුතු අමාත්‍යාංශය ජල සම්පාදන මණ්ඩලය, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය, වනජීවි වන සංරක්ෂණ හා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තු ඇතුළු ආයතන ප්‍රධානීන් සමඟ ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා ජනාධිපති කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් ද පවත්වා තිබේ.

විසල් අනුරාධපුර උතුර හා විසල් ත්‍රීකුණාමලය ජල සම්පාදන ක්‍රම ඒකාබද්ධ ජල යෝජනා ක්‍රමයක් ලෙස සලකා යාන් ඔයෙන් සහ යාන් ඔය ජලාශයෙන් එම ව්‍යාපෘතියට අවශ්‍ය ජලය සපයා ගැනීමට තීරණය කොට තිබේ. ඊට අමතරව එම විසල් ඒකාබද්ධ ව්‍යාපෘතියට සම්බන්ධ කොට මහවිලච්චිය ජල යෝජනා ක්‍රමය ආරම්භ කිරීමට ද අතිරේක ජලය සපයා ගැනීම සඳහා විල්පත්තු රක්ෂිතය තුළ පිහිටි දැනට අබලන්ව පවත්නා කුඩා විලච්චිය වැව සම්පූර්ණයෙන් ප්‍රතිසංස්කරණය කිරීමට ද පියවර ගනු ඇත. කුඩා විලච්චිය වැව නවීකරණය සඳහා රුපියල් මිලියන 225 ක ප්‍රතිපාදනයක් ජල සම්පාදන මණ්ඩලයෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුවට වෙන් කර දීමට කටයුතු කරන ලෙස ජනාධිපති ලේකම්වරයා විසින් උපදෙස් දී තිබේ. 2020 වන විට ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කරනු ලැබේ.

ආන්දෝලනාත්මක තඹුත්තේගම ජල යෝජනා ක්‍රමයේ ඉදිකිරීම් වැඩ ගොවි ජනතාවගේ විරෝධය නිසා දැනට තාවකාලිකව නවතා දමා තිබීම පිළිබඳවද මෙම විශේෂ සාකච්ඡාවේදී අදහස් පළ කෙරුණි. මෙම ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය ද ලබාදී කොන්ත්‍රාත්කරුවන් ද නම්කර ඇති බැවින් ව්‍යාපෘතිය පිළිබඳව දුර්මත ඉවත් කොට ගොවි ප්‍රජාව හට මෙම පානීය ජල ව්‍යාපෘතියේ යථා තත්ත්වය පිළිබඳව අවබෝධ කරදීමේ වැඩසටහනක් ජල සම්පාදන මණ්ඩලය හා වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඒකාබද්ධව දියත් කළයුතු බවටද තීරණය කර ඇත.

තඹුත්තේගම ව්‍යාපෘතිය සඳහා චීන රජය රුපියල් මිලියන 19,000 ක ණය සහන සපයා දෙයි. මේ අතර එප්පාවල/රාජාංගනය/නොච්චියාගම සහ ගිරිබාව ඒකාබද්ධ විසල් ජල යෝජනා ක්‍රමයක් ආරම්භ කිරීමට ද මූලික විධිවිධාන යොදාගෙන යයි. මේ සඳහා අවශ්‍ය ජල පරිමාව රාජාංගණ වැවෙන් ලබාගැනීමට ද සැලසුම් කොට තිබේ. මෙම යෝජිත විසල් ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතිය සඳහා දළ වශයෙන් ඇස්තමේන්තු කර ඇති මුදල රුපියල් බිලියන 50 කි. ස්විට්සර්ලන්තය සහ ඊශ්‍රායලය ව්‍යාපෘතිය සඳහා ණය පදනමක් මත අවශ්‍ය අරමුදලක් සැපයීමට එකඟත්වය පළ කොට තිබේ.

අනුරාධපුර පලුගස්වැව පානීය ජල ව්‍යාපෘතියට අවශ්‍ය ජලය හබරණ වැවෙන් ලබාදීමට මහවැලි අධිකාරිය එකඟ වී සිටී. ගලෙන්බිඳුණවැව පානීය ජල ව්‍යාපෘතියට අවශ්‍ය ජල පරිමාව හුරුළුවැවෙන් සපයා ගැනීමට ඇති හැකියාව සොයා බැලීමට පානීය ජල ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ජල මූලාශ්‍ර සපයා ගැනීමේ සාකච්ඡාවේදී තීරණය කෙරුණි. මේ අතර ගල්ගමුව පානීය ජල ව්‍යාපෘතිය සඳහා ප්‍රතිපාදන සැලසී ඇතත් සුදුසු ජල මූලාශ්‍රයක් නොමැති වීම නිසා ව්‍යාපෘතියේ වැඩ ඇනහිට ඇතැයි ද අනාවරණය වේ.

අනුරාධපුර අතිරේක දිස්ත්‍රික් සමූහ

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();