අධික වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන්, පීඩාවට පත් පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නැවත යථාතත්වයට පත්කරගැනීම වෙනුවෙන් කඩිනමින් සහන සැලසීමට කටයුතු කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් සිසු දරුවන්ගේ පාසල් නිල ඇඳුම්, පෙළ පොත් සහ පාඩම් සටහන් ආදිය විනාශ වී හෝ හානියට පත් වී ඇත්නම් ඒ පිළිබඳ තොරතුරු අධ්‍යාපන අමාත්‍යාංශයේ හදිසි දුරකථන අංකය වන 1988 ට දැනුම් දිය හැකිය.
එම තොරතුරු අනුව අදාළ අවශ්‍යතා කඩිනමින් සපයාදීමට අවශ්‍ය පහසුකම් සලසන ලෙස ද අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.
මීට අමතරව එළඹෙන අගෝස්තු මස පැවැත්වෙන අ.පො.ස.(උ.පෙළ) හා 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින, අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් වූ සිසු දරුවන්ගේ විනාශ වූ හෝ හානියට පත් පෙළ පොත් සහ පාඩම් සටහන් කඩිනමින් සපයාදීමට විශේෂ අවධානය යොමු කරන ලෙස ද අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.
ඒ අනුව පීඩාවට පත් වූ සිසු දරුවන්ට, ගුරුවරුන්ට හෝ මාපියන්ට අධ්‍යාපන අමාත්‍යාංශයේ 1988 හදිසි දුරකථන අංකය අමතා ඉහත සහන සඳහා තොරතුරු ලබා දිය හැකිය.


0 Comments