හිමිවීම් අහිමීව්, එක්වීම් වෙන්වීම් කියන්නේ මේ ජීවිතේ ඕනම කෙනෙකුට උරුම දේවල්.
ඒත් අපේ සමීපතම කෙනෙක් වෙන් වුණොත් ඒ දුක දරාගන්න අමාරුයි.
තමන්ගේ තාත්තා ජීවිතෙන් සමුගත්තොත් ඒ අඩුව පුරවන්න කාටවත් බැහැ.
මේ ආදරණීය තාත්තා කෙනෙකු මියයෑම ගැන ලියූ අපූරු සංවේදී සටහනක්…
කකුල් දෙක ගැටගහනකොට
රිදුනේ ඔයාට නෙවෙයි මටයි තාත්තේ
ඔය හුස්ම නතර වෙනකොට
නතර වුණේ මගෙයි තාත්තේ
සුදු පාට අදින්න අකමැති වුණ ඔයා
සුදු රෙද්දක ඔතලා තනිවෙලා
ඔය කාමරේ ඉද්දි විදෙව්වෙ මමයි තාත්තේ…
අනේ ඔයාට දැනෙනවද
ඔය ඇගේ රස්නෙ අඩුවෙලා
ඇග සීතල වෙනකොට
මමත් මැරුණා තාත්තේ..
ඔයා දන්නෙ නැහැ තාත්තේ…
හැමදාමත් ඔයාට කලින් මේ ලොකෙන්
මම යන්න කියලා හිතුවට
අද තනියම ඔයා යන්නම යනවා
අදයි මම මැරුණේ තාත්තේ…
උපුටා ගැනීමකි
from Gossip Lanka News & Video https://ift.tt/2KhS4Wh
via internet

0 Comments