ගිනිගත්හේන පොලීසිය ඉදිරිපිට ගිනිගත්හේන - නාවලපිටිය ප්‍රධාන මාර්ගයේ ව්‍යාපාරික ස්ථාන 52 ක ව්‍යාපාරිකයන්ය නායයාමේ දැඩි අවධානමක් හේතුවෙන් ඉවත් වන්නැයි අනතුරු අගවා තිබේ.
ගිනිගත්හේන පොලිස් ස්ථානාධිපති, පොලිස් පරික්ෂක සරත් සමරවික්‍රම පැවසුවේ, ඒ පිළිබදව අඹගමුව ප්‍රදේශිය සභාව හරහා දැනුවත් කළ බවයි.
ප්‍රධාන මාර්ගයට මායිම්ය මහවැලි ගගේ ප්‍රධාන අතු ශාඛාවක් වන හැටන් ඔයට ඉහළින් පිහිටි මෙම වෙළදසැල් 52ක මිට වසර කිහිපයකට ප්‍රථම ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මඟින් නායයාමේ අවධානම් කලාපයක් බවට හදුනාගෙන ගත්තේය.
අනතුරුව ඔවුන්ට එම වෙළඳසැල්වලින් ඉවත් වන ලෙස 2004 වසරේ සිට අවස්ථා කිහිපයකම දැනුම් දී තිබුණි.
එම වෙළඳසැල් ද ඉරිතලා පුපුරා ගොස් ඇති අතර ප්‍රධාන මාර්ගයේ කොටසක්ද නායයාමේ ලක්ෂණ මතු කරමින් ඉරිතලා ඇත.
කෙසේ වෙතත්, වෙළදසැල් 52 වෙනුවට ගිනිගත්හේන බස්නැවතුම්පොළේ අළුතින් වෙළඳසැල් ඉදි කර දෙන බවට අවස්ථා කිහිපයකදී රජයේ බලධාරීන් තමන්ව දැනුවත් කළත් ඒ වෙනුවට මෙතෙක් වෙළදසැල් ඉදිකර නොමැති නිසා එම වෙළදසැල් ඉදි කර තමන්ට ලබාදෙන තෙක් තම ව්‍යාපාරික ස්ථාන හැර යාමට නොහැකි බව එම වෙළඳසැල් හිමියන් පවසයි.
ඡායාරූප පහතින් දැක්වේ.....



0 Comments