මාංචු වැටුන කතන්දරේ මෙන්න
ජනාධිපති කාර්ය මණඩල ප්‍රධානී ආචාර්ය ටී. එච්. කේ. මහනාම මේ වනවිට කල්ගත කරන්නේ රක්‍ෂිත බන්ධනාගාර ගතවය. තම රාජකාරියට පරිබාහිරව කරන්නට ගිය පරණ යකඩ අලෙවි කිරීමේ ජාවාරමක් අතේ පත්තු වීම හේතුවෙන් ආචාර්ය මහනාමට බන්ධනාගාරගත වීමට සිදුවන්නේ ඉකුත් 03 මධ්‍යම රාත්‍රිය ආසන්න වීමත් සමඟය.
ඔහුත් සමඟ තවත් පුද්ගලයෙක් මෙම මගඩියට සම්බන්ධ වන්නේ ය. හේ රාජ්‍ය දැව සංස්‌ථාවේ වත්මන් සභාපති ලෙස වගකීම් සහගත රැකියාවක නියුතු ජී. දිසානායකය. කොළඹ පිහිටි තරු පහේ හෝටලයක් තුළ සිදු කිරීමට ගිය මහා පරිමාණ අල්ලස් ගනුදෙනුවක සැකකරුවන් ලෙස මොවුන්ව අත්අඩංගුවට ගනු ලබන්නේ අල්ලස් හෝ දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් ය. අත්අඩංගුවට පත් සැකකරුවන් දෙදෙනා අල්ලස වශයෙන් ලබා ගැනීමට නියමිත වූ මුදල රුපියල් ලක්‍ෂ දෙසීයක් ය.
රජයේ ඉහළම තනතුරු දරන නිලධාරීන් දෙදෙනකු විසින් කරන්නට ගිය මෙම කැත හිරිකිත ගනුදෙනුව සිදුවීමට මාස දහයකට පෙර 'දිවයින ඉරිදා සංග්‍රහය' විසින් පළමු වරට රට හමුවේ යම් හෙළිදරව්වක් කරන ලදී. "පරණ යකඩවලට විකුණන කන්තලේ සීනි කම්හලේ තිත්ත ඇත්ත මෙන්න" සිරස්‌තලය යටතේ පළ වූ එම ලිපියෙන් මේ සම්බන්ධව සවිස්‌තරාත්මක විස්‌තරයක් කළ අතර ඉන් සති දෙකකට පමණ පසුව දිවයින ඉරිදා සංග්‍රහයේ පළ වූ තවත් පුවතක් මඟින් තවත් කරුණක් අනාවරණය කරන ලදී. එම පුවතට "සීනි සමාගමකට අවසර දෙන්න අමාත්‍යාංශ නිලධාරියෙක් දශ ලක්‍ෂ 400 ක් ඉල්ලලා" යනුවෙන් සිරස්‌තලයක් යොදන ලදී. එම පුවත් දෙක පළ වීමත් සමඟ එක්‌තරා රාජ්‍ය නිලධාරියෙක් මුගුරෙන් පහර කෑ නාගයකු සේ කිපුණ අතර ඔහු නම් මේ වනවිට රුපියල් මිලියන දෙකක අල්ලසක් ගැනීමට තැත් කරන ලදැයි සැක පිට අත්අඩංගුවට ගෙන සිටින දෙදෙනාගෙන් එක් අයෙකි.
කන්තලේ සීනි කර්මාන්තායතනය කලක් තිස්‌සේ වල් වැදී දිරාපත් වෙමින් තිබුණ අවදියක නහුතයක් බලාපොරොත්තු සහිතව මෙරට ජනතාව විසින් යහපාලන ආණ්‌ඩුවක් පත් කර ගන්නා ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස අභිනවයෙන් පත් කළ යහපාලන ආණ්‌ඩුවේ ඉඩම් අමාත්‍යවරයා වූ ත්‍රිකුණාමලය දිස්‌ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. කේ. ඩී. එස්. ගුණවර්ධන විසින් කන්තලේ සීනි කර්මාන්ත ශාලාව ප්‍රතිව්‍යqහගත කිරීම පිණිස රජය වෙත යෝජනාවක් ගෙනෙන ලදී.
ඒ අනුව යහපාලන රජය පත් වී දින කීපයකින් අනතුරුව 2015.01.18 වැනි දින ජනාධිපතිවරයා විසින් අංක 1897/15 දරන අති විශේෂ ගැසට් පත්‍රය මඟින් කන්තලේ සීනි කර්මාන්ත ශාලාවේ වැඩ කටයුතු ඉදිරියට කරගෙන යැම ඉඩම් අමාත්‍යාංශය වෙත පවරන ලදී.
ඒ අනුව ක්‍රියාත්මක වූ එවකට ඉඩම් අමාත්‍යවරයා වූ එම්. කේ. ඩී. එස්. ගුණවර්ධන විසින් ප්‍රතිව්‍යහගත කිරීමේ කටයුතු තවදුරටත් ඉදිරියට ගෙන යමින් ඒ සඳහා ආයෝජකයකු නම් කරමින් කැබිනට් මණ්‌ඩලය වෙත යෝජනාවක් ඉදිරිපත් කරන ලදී.
ඉදිරිපත් කරන ලද එම යෝජනාව ශ්‍රී ලංකා ආයෝජන මණ්‌ඩලයේ දීර්ඝ අධ්‍යයනයකින් අනතුරුව ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය මණ්‌ඩල අනු කමිටුවට ඉදිරිපත් කරන අතර අවසානයේදී ඔවුන්ගේ නිර්දේශයට අනුව රාජ්‍ය - පෞද්ගලික හවුල් ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යැම පිණිස 2015.06.17 වැනි දින අමාත්‍ය මණ්‌ඩල අනුමැතිය හිමිවුණි.
ඒ අනුව සීනි නිෂ්පාදනය පිළිබඳ ආසියාවේ නමක් දරා ඇති ඉන්දියානු සමාගමක් සහ රජය අතර ගිවිසුමක් 2016.08.11 වැනි දින කොළඹදී අත්සන් තබන අතර ඒ සඳහා රජයේ පාර්ශ්වය නියෝජනය කරමින් භාණ්‌ඩාගාර ලේකම්වරයාත් ඉන්දියානු සමාගම වෙනුවෙන් එහි සභාපතිවරයාත් අත්සන් තබන ලදී. ගිවිසුම් ප්‍රකාරව කන්තලේ සීනි සමාගමේ කොටස්‌වලින් 51% රජය සතුව ද ඉතිරි 49% ඉන්දියානු සමාගම සතුව පවතින පරිදි කටයුතු කරන ලදී. ඒ අනුව ඉන්දියානු ආයෝජකයා විසින් ඇ. ඩො. මිලියන 100 ක මුදලක් සහ 10% ක බැංකු ඇපකරයක් සහිතව වැඩකටයුතු ආරම්භ කරන ලදී.
ඒ අනුව අදාළ ආයෝජකයා විසින් (MG SUGARS LANKA LTD) නමින් තම නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට මූලික අඩිතාලම සකස් ලද කර්මාන්තය ආරම්භ වීමත් සමග රාජ්‍ය - පෞද්ගලික හවුල් ව්‍යාපාරයක් ලෙස ඇරැඹි කර්මාන්තයේ ප්‍රායෝගික ගැටලු රැසක් මතු වන්නට ගන්නේ ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගේ අත්තනෝමතික ක්‍රියා කලාපයන් හේතුවෙනි.
ඒ අනුව ගිවිසුමේ ස`දහන් ආකාරයට අදාළ භූමියේ භාරකාරත්වය කලක් තිස්‌සේ ඉන්දියානු සමාගමට නොලැබී යන අතර පසුව 2017 මාර්තු 31 වැනිදා ඉඩම් කොමසාරිස්‌වරයා විසින් වසර 30 ක බදු ගිවිසුමකට යටත්ව කන්තලේ සීනි කර්මාන්ත ශාලාවට අයත් මුළු භූමියෙන් හෙක්‌ටයාර් 202 ක පමණ බිම් ප්‍රමාණයක් අදාල සමාගම වෙත පවරනු ලැබීය. එයද නීත්‍යනුකූල ලියකියවිලි හුවමාරු කර ගැනීම හරහා සිදු වූ "පිරිසිදු" බෙදා වෙන් කිරිමක් නොවූ බැවින් ආයෝජකයාට තම නිෂ්පාදන කටයුතු ඇරඹීම පිණිස එය තව දුරටත් බාධාවක් වී ඇත.
හෙක්‌ටයාර් 202 ක් යනු විශාල භූමි ප්‍රදේශයක්‌ය. ආසන්න වශයෙන් අක්‌කර 500 ක් පමණ භූමියක් ඊට ඇතුළත්ය. එයද පවරා ඇත්තේ හෙක්‌ටයාර් 167 ක බීජ වගාව සිදු කිරීම පිණිසය. ඉතිරි හෙක්‌ටයාර් 34 ට අයත් භූමිය තුළ පැරැණි සීනි කර්මාන්ත ශාලාව, කාර්යාලයීය ගොඩනැඟිලි රැසක්, ස්‌කාගාරය, නිවාස තුන්සියයකට ආසන්න ප්‍රමාණයක් සහ රුපියල් කෝටි ගණනාවක් වටිනා යන්ත්‍ර සූත්‍ර රාශියක් ද තිබී ඇති අතර ඒ වන විට එම භූමියට අයත්ව පැවැති දේපළ පිළිබ`ද නිශ්චිත වටිනාකම පවා ගණනය කර නොතිබී ඇත.
රජය සහ ඉන්දියානු ආයෝජකයන් විසින් අත්සන් තබන ලද ගිවිසුමේ 7.9 වගන්තියට අනුව "කන්තලේ සීනි සමාගම සතු භූමිය හා ඊට අයත් දේපළ වෙනත් පාර්ශ්වයකට ප්‍රසිද්ධියේ වෙන්දේසි කිරීමේ බලයක් නොපැවැරෙන අතර ඒ පිළිබ`ද තීන්දු තීරණ ගැනීමේ අයිතිය අදාල ආයෝජකයාගේ අභිමතය පරිදි සිදු විය යුතුය" යනුවෙන් ස`දහනක් ඇත. එම නියමය අභියෝගයට ලක් කරමින් රජයේ එක්‌තරා ආයතනයක් මගින් ප්‍රසිද්ධ පුවත්පත් දැන්වීමක් මගින් කන්තලේ සීනි සමාගම සතු පැරණි යන්ත්‍ර සූත්‍ර රැසක් ඇතුළු යාන වාහන රාශියක් ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණන බවට පුවතක් පළ කරන අතර ඒ පිළිබ`දව ඉන්දියානු ආයෝජකයා විසින් දැඩිව සිය විරෝධය ප්‍රකාශ කරන ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස අදාල වෙන්දේසියේදී කුණුq කොල්ලයට විකුණා දැමීමට නියමිතව තිබූ යන්ත්‍ර සූත්‍ර යාන වාහන රැසක් තව දුරටත් කන්තලේ සීනි සමාගමට අයත් භූමියේ ගාල් කොට තිබුණි. නිසි ක්‍රමවේදයක් සහ විනිවිද භාවයකින් තොරව ඉඩම් අමාත්‍යාංශය විසින් සිදු කිරීමට ගිය එම ගනුදෙනුව එසේ නිමාවට පත් වීමත් සමග ඉන්දියානු ආයෝජකයා විසින් එම යන්ත්‍ර සූත්‍ර ඇතුළු සුළු අලුත්වැඩියාවකින් අනතුරුව නැවත පාවිච්චියට ගත හැකි යාන වාහන රැසක් ගිවිසුම් ප්‍රකාරව තම ආයතනයට ලබා ගැනීමට උත්සාහ දරා ඇතත් අවසානයේ එය ද ව්‍යර්ථව යන්නේ අදාල ගනුදෙනුව පිටුපස රජයේ ඉහළ නිලධාරීන් කීප දෙනෙක්‌ම අදෘශ්‍යමාන අයුරින් පසු වීම හේතුවෙනි.
"දිවයින ඉරිදා සංග්‍රහය" විසින් රට හමුවේ සිදු කළ හෙළිදරව්ව සැබෑවක් බවට පත් වන්නේ ඉකුත් 03 වැනිදා සිදු වූ සිදුවීමත් සමගිනි. ඉකුත් වර්ෂයේ මාර්තු මස 07 වැනිදා ටෙන්ඩර් විවෘත කිරීමෙන් අනතුරුව කන්තලේ සීනි සමාගම සතුව පැවැති යන්ත්‍ර සූත්‍ර ස`දහා මිළ ගණන් ඉල්ලුම් කර සිටි ඉල්ලුම්කරුවන් අතරින් වැඩිම මිලක් ඉදිරිපත් කළ ඉල්ලුම්කරු විසින් එහි අගය ලෙස ස`දහන් කර තිබූ මුදල රුපියල් මිලියන 540 කි. එම යන්ත්‍ර සූත්‍ර ප්‍රසිද්ධියේ වෙන්දේසි කිරීමට එරෙහි වූ ඉන්දියානු ආයෝජකයා හේතුවෙන් අදාල වෙන්දේසිය අවලංගු වී ඇති අතර නාටකයේ දෙවැනි ජවනිකාව ආරම්භ වන්නේ එතැන් සිටය.
ඇ.ඩො.මිලියන 100 ක ආයෝජනයක් සහිතව ආරම්භ කිරීමට නියමිතව තිබූ කර්මාන්තයේ වැඩ කටයුතු දිගින් දිගටම ප්‍රමාද වීමත් ඒ ප්‍රමාදය පිටුපස මෙරට ඉහළම රාජ්‍ය නිලධාරීන් යෑයි ස`දහන් කීප දෙනකුගේ නම් ස`දහන් වීමත් හේතුවෙන් දැනට මාස දෙකකට පමණ ඉහත ඉන්දියානු ආයෝජකයා සිංගප්පූරුවේ පිහිටි ජාත්‍යන්තර සමථ මණ්‌ඩලයට ද මේ බව පැමිණිලි කර ඇති අතර ඉකුත් 03 වැනිදා සිදු වූ "අල්ලස් මගඩිය" සිදු වී ඇත්තේ එහෙව් වටපිටාවක් තූළය.
ඒ අනුව අදාල ගනුදෙනුව සිදු කිරීමට මිල ගණන් තීරණය වන අතර එහි අගය බවට පත් වන්නේ රුපියල් මිලියන සියයක්‌ය. ඒ අනුව අදාල ගනුදෙනුව සිදු කිරීමට පෙර ඒ ස`දහා අත්තිකාරම් ලෙස රුපියල් මිලියන 20 ක මුදලක් ඉල්ලා ඇති "බලවන්තයන්" එම ගනුදෙනුව සිදු කිරීම පිණිස තෝරා ගෙන ඇත්තේ ද කොළඹ පිහිටි තරු පන්තියේ හෝටල් බිමක්‌ය. එම්.ඩී.ලංකා ෂුගර් සමාගමේ කළමනාකාර අධ්‍යක්‌ෂවරයා සහ මෙම ඉහළ රාජ්‍ය නිලධාරීන් දෙදෙනා අතර වන සෘජු ගනුදෙනුවක් වූ මෙම මිලියන 20 ක හුවමාරුව හමාරව යන්නේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් බඩුත් සමග සැකකරුවන් අත්අඩංගුවට ගැනීමත් සමගය.
රටට යහ පාලනය උදා කිරීමේ භාරදූර කාර්යය පසෙක තබන මෙම නිලධාරීන් විසින් අදාළ සිදුවීම හරහා ආණ්‌ඩුවට එක් කර ඇත්තේ කාලාන්තරයක් ගිය ද මකා නොදැමිය හැකි කළු පැල්ලමකි.
0 Comments