තේ සහ රබර් වගාව සඳහා පනවා තිබූ ග්ලයිෆෝසෙට් තහනම ඊයේ (02) සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට රජය තීරණය කරයි.
ඒ අනුව අදාළ තීරණය ඉදිරි සතියේ දී අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කොට අනුමැතිය ලබාගන්නා බව වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායක මහතා ප්‍රකාශ කරයි.
ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ දී ඊයේ (02) පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
එහි දී වැඩිදුරටත් අහස් දක්වමින් ඒ මහතා පෙන්වා දුන්නේ තේ හා රබර් ක්ෂේත්රයට පමණක් සීමා වන පරිදි රජය විසින් පනවන ලද ග්ලයිෆෝසෙට් වල් නාශක තහනම ඉවත් කිරීමට රජය තීරණය කර තිබෙන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරු විසින් මේ තීරණය ගෙන තිබෙන බවත්ය.
විශේෂඥ කමිටිවුල සහ විශේෂඥයින්ගේ අදහස් හා යෝජනා ලබාගෙන ප්රජාතන්ත්රවාදී ස්වරූපයකින් ශ්‍රී ලංකාවේ වකුගඩු ප්‍රශ්නයට සී.කේ.ඩී.යූ ප්‍රශ්නයට ග්ලයිෆොසේට් අතර සම්බන්ධයක් නොමැති නම් මේ තහංචිය පවත්වාගෙන යාම සඳහා විද්‍යානුකූල පදනමක් නොමැති බව ද රජයේ අරමුණ ක්‍රම ක්‍රමයෙන් ග්ලයිෆොසෙට් වෙළදපලින් ඉවත් කිරීම බව ද හෙතෙම පෙන්වා දුන්නේය.
ඒ වෙනුවෙන් යම්කිසි කාලයක් අවශ්‍ය බව කී වැවිලි කර්මාන්ත ඇමැතිවරයා 2017 වසරේ නොවැම්බර් මාසයේ යුරෝපා සංගමය ගත් තීරණයට අනුකූලව අපේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව ද තේ සහ රබර් ක්ෂේත්රය වසර තුනක් හතරක් වැනි කාලයක් තුළ ග්ලයිෆොසේට්වලින් තොරව වගාවන් කරගෙන යාම සඳහා හැඩගැස්වීමට අවශ්‍යය බව ද සඳහන් කළේය.
දැනටමත් ග්ලයිෆොසේට් වෙනුවට එම්.පී.සී නමැති වල්නාශකයක් පාවිච්චි කිරීමෙන් ජපානයේ තේ තහනමකට, අවදානමකට ලක්ව තිබෙන බව පෙන්වාදුන් නවීන් දිසානායක මහතා තේ ක්ෂේත්රයේ නිශ්පාදනය අඩු වීම හේතුවෙන් රුපියල් බිලියන 20ක් පමණ ආර්ථිකයට අහිමි වී තිබෙන බව ද තේ හා රබර්වලට පමණක් මේ තහංචිය ඉවත් කිරීමට පියවර ගෙන තිබෙන බව ද කීවේය. තවමත් වෙළෙඳපල වෙත කාබනික වල් නාශක පැමිණ නැතැයි කී ඇමැතිවරයා තේ පර්යේෂණ ආයතනයෙන් එවැනි වල් නාශකයක් නිෂ්පාදනය කිරීමට උත්සාහ කරන බව ද යුරෝපා සංගමය යම්කිසි කාලසීමාවක් ලබා දී තිබෙන බව ද ප්‍රකාශ කළේය.
0 Comments