Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඉන්දියාවේ දූවිලි කුණාටුවෙන් 40ක් මරුට

 ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයකට බලපෑ දූවිලි කුණාටුව හේතුවෙන් පුද්ගලයන් 40 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව තිබෙන බව වාර්තා වෙයි.

ප්‍රබල සුළි කුණාටුවක් උතුරු ඉන්දියාවට දෙසට කඩා වදිනු ඇතැයි අනතුරු අඟවා දින කිහිපයකට පසු පෙරේදා (13) එරට නවදිල්ලි නුවරට දූවිලි කුණාටුවක් කඩා වැදී තිබෙන අතර දූවිලි කුණාටුවෙන් පසු ධාරාණීපාත වර්ෂාවක් ඇද හැලුණු බව ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි.

සුළඟේ වේගය පැයට කිලෝමීටර 50ත් 70ත් අතර අගයක් ගත් බවට ඉන්දීය කාලගුණ විද්‍යා කාර්යාලය නිවේදනය කර තිබේ.

දූවිලි කුණාටුව සහ ධාරාණිපාත වර්ෂාව නිසා ගුවන් යානා 40කට පමණ හරවා යෑමට සිදු වූ බවට ‘ඒ.එන්.අයි’ පුවත් සේවය වාර්තා කර තිබූ අතර නවදිල්ලියේ ‘ඉන්දිරා ගාන්ධි’ ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ කටයුතු පැය කිහිපයකට නවතා දැමීමට ද සිදුවිය. දිල්ලියේ දුම්රිය ගමන් ද නවතා දමා තිබූ අතර මේ වනවිට දුම්රිය ගමන් යථා පරිදි සිදුවන බව ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි.

ප්‍රබල සුළි කුණාටුවක් හමා යනු ඇතැයි ඉන්දීය කාලගුණ විද්‍යා කාර්යාලය පසුගිය සතියේ දී ප්‍රාන්ත 13කට අනතුරු ඇඟවීය. නවදිල්ලි නුවර, චන්දිගාර් සහ හර්යානාහි පාසල් වසා දැමීමට ද අමතර පොලිස් කණ්ඩායම් සහ හදිසි සේවා සීරුවෙන් තැබීමට ද ඉන්දීය බලධාරීන් කටයුතු කර තිබිණි. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();