Ticker

6/recent/ticker-posts

Header Ads Widget

බස් ගාස්තුව 12.5ක් කරන්න කැබිනට් අනුමැතිය

අද මධ්‍යම රාත්‍රියේ සිට සියයට 12.5 කින් බස් ගාස්තු ඉහළ දැමීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.

ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ පැවසුවේ, අදාළ සංශෝධනය අද උදෑසන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම අනුමැතිය ලබා දී ඇති බවයි.

එමෙන්ම වසර දෙකක කාලයක් යන තුරු කිසිදු බස් ගාස්තු සංශෝධනයක් සිදු නොවන බව ද අශෝක අබේසිංහ පැවසීය.

කෙසේ වෙතත් ඉන්ධන මිල ඉහළ දැමීමත් සමඟ සියයට හයයි දශම පහක බස් ගාස්තු වැඩිවීමක් ලබාදීමට පසුගියදා කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදෙනු ලැබීය.

එහෙත් අදාළ බස් ගාස්තු වැඩි වීම ප්‍රමාණවත් නොවන බව පවසමින් බස් සංගම් විරෝධය පල කළ අතර ඒ අනුව සියයට 12යි දශම 5ක බස් ගාස්තු වැඩිවීමක් ලබාදීමට ප්‍රවාහන අමාත්‍යාංශය එකඟතාව පල කර තිබිණි.

ඒ අනුව රුපියල් 10ක්ව පවතින අවම බස් ගාස්තුව රුපියල් 12 දක්වා වැඩි කිරීමට ද කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();