අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව අද (04) දවස පුරා පාර්ලිමේන්තුවේ විවාදයට ගන්නා අතර රාත්‍රීයේ ඡන්ද විමසිමක් පැවැත්වීමට නියමිතය.
විශ්වාසභංග යෝජනාව පිළිබඳව ඡන්දය විමසන අවස්ථාවේදී පාර්ලිමේන්තුව නියෝජනය කරන ඒ ඒ දේශපාලන පක්ෂ ඡන්දය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් විවිධ මත පළ වී තිබේ.
කෙසේ වෙතත් පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂවල සංයුතිය අනුව කතානායකවරයා හැරුණුකොට එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීන් සංඛ්‍යාව 105ක් වන අතර ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී සංඛ්‍යාව 54ක් වේ.
විශ්වාසභංග විවාදයට එක්වෙමින් විමල් විරවංශ මහතා පාර්ලිමේන්තුවේදී පලකල අදහස් අනුව මෙම විශ්වාසභංගය දැනටමත් රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කර ඇති බවය.කෙසේ නමුත් ආණ්ඩුවේ යම් කිසි දෙදෙරීමක් සිදුකිරීමට ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමට හැකිවූ බවද ඔහු එහිදී පවසා සිටියේය.
රනිල් දිගටම ඉන්නවනම් අපි කැමතියි – විමල්ගේ කතාව මෙන්න..!
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාව මේ වන විට පාර්ලිමේන්තුවේදී විවාදයට ලක් කෙරෙමින් පවතී.
එම විවාදය අමතමින් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අදහස් පල කරද්දී ආණ්ඩු පක්ෂයෙන් එක දිගටම දැඩි බාධා එල්ල විය.
මොනර කොල කෝටි ගණන් බෙදා පාර්ලිමේන්තුවේ මතය වෙනස් කෙරෙමින් පවතින බවත් කී මන්ත්‍රීවරයා එක්සත් ජාතික පක්ෂය තව දුරටත් රනිල් වික්‍රමසිංහ මහතා සමග ඉදිරියට යාමට බලාපොරොත්තු වන්නේ නම් ඒකාබද්ද විපක්ෂය ලෙස ඉතාමත් සතුටට පත් වන බවද සදහන් කලේය.
The post “රනිල් අද දිනනවා” විමල් පාර්ලිමේන්තුවේදී කිව්ව හැටි..! (VIDEO) appeared first on Ape Rata | News Sri Lanka |News Today|Breaking News|Daily News.
0 Comments