ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ජාතික ලැයිස්තුව හරහා පාර්ලිමේන්තුවට පැමිණි මන්ත්‍රීන් පිරිසක් අද දිනයේදී විශ්වාසභංගයට සහය පල කරමින් විපක්ෂයේ අසුන් ගැනීමට නියමිතව ඇති බව වාර්තා වේ.
එලෙස විශ්වාසභංගයට සහය පල කිරීම සදහා නිදහස් පක්ෂයේ මන්ත්‍රීන් 25 දෙනෙකු පමණ සිටින බව වාර්තා වන අතර ඒ අතර ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ද සිටියි.
එලෙස විශ්වාසභංගයෙදී අගමැතිවරයාට එරෙහිව ජන්දය ප්‍රකාශ කර විපක්ෂයේ අසුන් ගන්නා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු සියල්ල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යාවස්ථාවට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රිධුරයෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ක්‍රියා කරන බව වාර්තා වේ.
කෙසේ වෙතත් මේ වන විට පාර්ලිමේන්තුවේ තිබෙන තත්වය අනුව විශ්වාසභංගය පරාජය කර රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කරනු ඇති බව වාර්තා වේ.
The post ඒකාබද්ධයේ අසුන් ගන්නා ශ්‍රීලනිප මන්ත්‍රීන් අද රාත්‍රියේ ඉවතට..! appeared first on Ape Rata | News Sri Lanka |News Today|Breaking News|Daily News.
0 Comments