“අගමැති ගැන අපිට විශ්වාසයි. අපි පුද්ගලික ජීවිත ගැන කතා කරන්නේ නැහැ. එතුමට යම් යම් මඩ චෝදනා එල්ලවෙනවා. හැබැයි එතුමාට හැකියාව තියෙනව එක්සත් ජාතික පක්ෂයට නායකත්වය දෙන්න.” යැයි අමාත්‍ය සරත් ෆොන්සේකා පැවසුවා. ඔහුගේ කතාව අතරතුර විපක්ෂයෙන් එල්ලවූයේ දැඩි විරෝධයක්.
තමන් සිංහල බහුතරයේ ඡන්දයෙන් ජයග්‍රහණය කරනා බව පවසන හිටපු ජනාධිපතිවරයා, විශ්වාසභංගය ජය ගැනීම සඳහා කැන්ටිමේ සිටි සුළු ජාතික මන්ත්‍රීවරු සොය සොයා යමින් අද කතා කළ බවයි ඔහු පැවසුවේ. දැන් ඊට පරක්කු බවද සරත් ෆොන්සේකා අමාත්‍යවරයා එහිදී පැවසුවා.
අනාගත ජනාධිපති අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ යුද්දෙට බයේ පැනගොස් අවුරුදු 15ක් අමෙරිකාවට වී සිටි බවද ඔහු එහිදී පෙන්වා දුන්නා. අමෙරිකානු පුරවැසිභාවය ලබා ගනිද්දි, අමෙරිකාව ආරක්ෂා කිරීමට දිවුරා පොරොන්දු වන බව පෙන්වා දුන් අමාත්‍යවරයා, ඒ අනුව අනාගත ජනාධිපති අපේක්ෂකයා අමෙරිකාව ආරක්ෂා කිරීමට පොරොන්දු වී ඇති පුද්ගලයකු බවයි පැවසුවේ.
මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවෙන් රටට අහිමිවූ මුදලට වඩා අති විශාල මුදල් සම්භාරයක් පසුගිය ආණ්ඩු සමයේ රටට වංචනිකව අහිමි කළ බවයි ඔහු සංඛ්‍යා ලේඛන සහිතව පෙනවා දුන්නේ.
“හෙට මම කූඩුවේ දාන්න යන්නයි හදන්නේ මචෝ” කියල පසුපෙළ මන්ත්‍රීවරු එක්ක මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීතුමා අද කියල තියෙනව. එතුමටත් මිලියන 60ක නඩුවක් තියෙනව. කනගාටුයි එතුමාගැන. අපි කවුරුත් එක්ක හිතවත් තමයි.” ඔහු මහින්දා නන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් කනගාටුව පලකරමින් පැවසුවා.
The post ඒකාබද්ධ විපක්ෂයම හොල්මන් කරමින් ෆීල්ඩ්මාර්ෂල් රාජපක්ෂලාගේ රෙදි ගලෝපු හැටි..! (Video) appeared first on Ape Rata | News Sri Lanka |News Today|Breaking News|Daily News.
0 Comments