Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රාජපක්ෂ කඳවුර උත්තේජනය වෙන බව දැන දැනත් අපි විශ්වාසභංගයට සහය දෙනවා – JVP

“අපි විශ්වාසභංගයට සහය දෙන්නේ දේශපාලන කරුණු ගැන අනවබෝධයෙන් නෙවෙයි. වෙන අය කරුණු කියනව අපිට මේකෙන් රාජපක්ෂ කඳවුරට උත්තේජනයක් ලැබෙනවා නේද කියල. ජය ගත්තොත් එය වන බව දන්නව රාජපක්ෂ කඳවුර උත්තේජනය වන ආකාරයට කටයුතු කළේ මේ අගමැති සහ ජනාධිපති. මේ විශ්වාසභංගය ජයගත්තොත් එජාප නව අගමැති කෙනෙක් එක්ක හරි, ශ්‍රී ලනිප අගමැති කෙනෙක් එක්ක ආණ්ඩුවක් හැදෙන්න පුලුවන්. ඒ කිසිවකින් ජනතාවට සහනයක් නැහැ.” යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක  විශ්වාසභංග විවාදයට එක්වෙමින් පැවසුවා.

වංචාවට දූෂණයට එරෙහිවීමක් මේ විශ්වාසභංගයේ ඇතැයිද, නුවර නොසන්සුන්තාවය මඩින්න නීතිමය හා සාමය අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍යවරයාට නොහැකි වුණ බවද ඔහු පෙන්වා දෙනවා. මේ විශ්වාශභංගයෙන් දූෂණයට සහ ජාතිවාදයට උඩගෙඩි දීම කියන කාරනා දෙකම සම්බන්ධයෙන් එරෙහිවීමක් ඇතත්, විශ්වාසභංගයට හොරකමේ සහ ජාතිවාදයේ කරවටක් ගිලුණු අය අත්සන් කර ඇති බවයි ඔහු පවසන්නේ.

“නුවර සිදුවීම දක්වා ජාතිවාදය වර්ධනය වීමට අගමැතිවරයා වගකිවයුතුයි. පොහොට්ටුවේ මන්ත්‍රීවරු කිහිප දෙනෙක් නුවර ජාතිවාදී ගැටුම් වලට සම්බන්ධයි. ඒ අය කිහිප දෙනෙක් අත්අඩංගුවට අරන් නියෙනවා . ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු වන හාමුදුරු දෙනමක් අත් අඩංගුවට ගන්න පරීක්ෂණ අරඹා තිබෙනවා. මේ ලෙස ජාතිවාදී ගැටුම් වර්ධනය වීමට ඉඩ දීම සම්බන්ධයෙන් විශ්වාසභංගයක් අවශ්‍යයි.

මැද කොළඹ මැතිවරණයට පාතාලය සම්බන්ධකර ගත්තා. මනෝ ගනේෂන් ඇමතිවරයා ඒ බවකියමින් ආරක්ෂාව ඉල්ලුවා. ඒ වෙනුවෙනුත් විශ්වාසභංගයක් ගෙන ආයුතුව තිබුණා.

නියඟය නිසා ගොවිතැන් විනාශ වුණ ගොවි ජනතාවට රුපියල් 10000ක් දෙනව කිව්ව එක වතාවක් 8500ක් දුන්න එච්චරයි. අගමැති ලක්ෂ 600ක් දීල කාර් ගෙනාවා. හරිනම් ගොවි ජනතාවත් විශ්වාසභංගයක් ගේන්න ඕන.

දූෂණ මර්ධන කමිටු ලේකම් කාර්යාලය විසිරෙව්වා. ඒ අගමැති පොලිස් ඇමති සාගලගේ පැත්ත අරගෙන. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් හිටපු හමුදාපතිවරුන්ට සහ ආරක්ෂක ලේකම්ට නඩු දැම්ම. එයා ගෙදර යැව්ව. නීතියට වඩා ඒ අය බලවත් නිසයි. ඒ වෙනුවෙනුත් විශ්වාසභංගයක් අවශ්‍යයි.”

අග්‍රාමාත්‍යවරයා අර්ජුන් මහේන්ද්‍රන් ආරක්ෂා කරනා බවයි ඔහු පවසන්නේ. අග්‍රාමාත්‍යවරයා තනතුරට සුදුසු නොවනබවයි ඔහු අවධාරණය කරන්නේ. යළි ජනවාරි අට වැනිදාවක් නොඑන බවයි ඔහු පැවසුවේ.

The post රාජපක්ෂ කඳවුර උත්තේජනය වෙන බව දැන දැනත් අපි විශ්වාසභංගයට සහය දෙනවා – JVP appeared first on Ape Rata | News Sri Lanka |News Today|Breaking News|Daily News.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();