මෙම දිනවල පැවැත්වෙන පාසල් අතර වාර්ෂික ක්‍රිකට් තරගවලදී හා රථ පෙරහැරවලදී පාසල් සිසුන් බීමත්ව අශෝභන ලෙස සාමයට බාධාවන අයුරින් හැසිරෙන්නේ නම් ඔවුන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා (01 වැනිදා) පැවැසීය.
මෙහිදී තවදුරටත් කතා කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙසේද කීය.
“මේ දවස්වල පාසල් අතර බිග් මැච් පැවැත්වෙනවා. ඒ දිනවල සිසුන් වාහනවල නැගලා රථ පෙළපාලි යනවා. ඒවා ගියාට කමක් නැහැ. හැබැයි සාමයට බාධා වන අයුරින් හැසිරුණොත් අනිවාර්යයෙන්ම අත්අඩංගුවට ගන්නවා. එමෙන්ම බිග්මැච් පැවැත්වෙන ක්‍රීඩාංගනවලදී මත්පැන් බීලා හැසිරුනොත් අනිවාර්යයෙන්ම අත්අඩංගුවට ගන්නවා.
The post බිග් මැච්, පෙරඩ් කියලා පාරේ දාපු සෙල්ලම් ඉවරයි – බීමතින් අශෝභන ලෙස හැසිරුනොත් වෙන දේ මෙන්න..! appeared first on Ape Rata | News Sri Lanka |News Today|Breaking News|Daily News.
0 Comments