පොසොන් පොහොය නිමිතිකර ගනිමින් වාර්ෂිකව සිදුකරන මිහින්තලා මහා සෑයේ සුදු පිරියම් (තීන්ත ආලේප) කිරීමේ කටයුතු ඊයේ (20) උදෑසන යෙදුන සුබ මොහොතින් සිදු කළේය. මිහින්තලා රජමහා විහාරයේ විහාරාධිපති වළවාහැංගුනවැවේ ධම්මරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි ලේක්හවුස් ආයතනයේ මූල්‍ය දායකත්වයෙන් හා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ශ්‍රමදායකත්වයෙන් මේ පුන්‍ය කටයුත්ත සිදු කෙරේ.
මිහින්තලා ලේක්හවුස් පනස් හය (56) වැනි ආලෝක පූජාවට සමගාමීව සිදුකරන පළමු පුන්‍ය කටයුත්ත ලෙස බුදුරජාණන් වහන්සේගේ ඌර්ණ ලෝම ධාතුන්වහන්සේලා තැන්පත් කර ඇති මිහින්තලා මහා සෑයේ තීන්ත ආලේප කිරීමේ කටයුතු මේ අනුව ඊයේ (20) පෙරවරු 6.38ට යෙදුන සුබ මොහොතින් සිදු විය.
එහි දී අදහස් දැක් වූ මිහින්තලා රජමහා විහාරයේ විහාරාධිපති වළවාහැංගුනවැවේ ධම්මරතන නාහිමි-
තුන්කල් බලා ලේක්හවුස් ආයතනය ඩී. ආර්. විජයවර්ධන ශ්‍රීමතානන්ගේ සංකල්පයකට අනුව රංජිත් විජයවර්ධන මහතා ලේක්හවුස් අලෝක පූජාව 1962, 1963 යන වසරවල ආරම්භ කර අඛණ්ඩව මේ මහා පින්කම ලෝකයටම ආදර්ශයක් ලබා දෙමින් සිදු කරනවා. ඒ වගේම අද වන විට ලේක්හවුස් ආයතනය නොතිබුණා නම් කෙසේ මේ පින්කම් කළ හැකිද යන ප්‍රශ්නයක් ඇති වෙනවා.
වර්තමානය වන විට මේ ස්ථානයට තිබෙන ධර්මශාලා මන්දිරය, සංඝාවාස අඩුපාඩු රාශියක් පවතිනවා. ජනාධිපතිවරයාට, අගමැතිවරයාට සිහිපත් කරනවා මේ උතුම් ස්ථානය තමයි ලක්දිව ආරම්භය. එයට ගරු කිරීමක් ලෙස විහාරස්ථානයේ අවශ්‍යතා සකස්කර දෙන ලෙස ඉල්ලා සිටින බව ද උන්වහන්සේ වැඩි දුරටත් පැවැසූහ.
ලේක්හවුස් ආයතනයේ සභාපති ක්‍රිෂාන්ත කුරේ මහතාගේ උපදෙස් මත ලේක්හවුස් ආයතනයේ සාමාන්‍යාධිකාරි අභය අමරදාස, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි එයාර් වයිස් මාර්ෂල් ලාල් පෙරේරා, බුදුසරණ පුවත්පතේ උපදේශක කර්තෘ සීසර් සුදුසිංහ, උතුරුමැද පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරි විජේගුණවර්ධන, නියෝජ්‍ය පොලිස්පති එස්. සදුන්ගහවත්ත, මිහින්තලා ප්‍රාදේශීය ලේකම් රුවන් ඒකනායක, අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරි ගුවන් කොමදෝරු එච්. එම්. අබේසිංහ යන මහත්වරුන් ඇතුළු නිලධාරීහු රැසක් එක්ව සිටියහ.
ඡායාරුපය- අනුරාධපුර අතිරේක
0 Comments