Ticker

6/recent/ticker-posts

Header Ads Widget

බස්නාහිර පළාතේ ආණ්ඩුකාර ධුරය දැරීමට ලැබීම ඉමහත් ගෞරවයක්

Author(s): 
සුභාෂිණී සේනානායක

ලංකාවේ ජනගහනයෙන් තුනෙන් එකක්ම ජීවත් වන දේශපාලන, පරිපාලන මෙන්ම ආර්ථික මර්මස්ථානයක් වන බස්නාහිර පළාතේ ආණ්ඩුකාර ධුරය දැරීමට ලැබීම ඉමහත් ගෞරවයක් බව බස්නාහිර පළාත් නව ආණ්ඩුකාර ආචාර්ය හේමකුමාර නානායක්කාර මහතා පවසයි.

බස්නාහිර පළාතේ අභිමානය රැකදෙමින් නව ධුරයේ කටයුතු සිදු කරන බවත් නව ආණ්ඩුකාරවරයා කියා සිටියේය.

බස්නාහිර පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කෙරුණු ලැබූ ආචාර්ය හේමකුමාර නානායක්කාර මහතා සිය ධුරයේ රාජකාරි ආරම්භ කරමින් ඊයේ (24) මේ බව කියා සිටියේය.බස්නාහිර පළාත් ප්‍රධාන ඇමැති ඉසුර දේවප්‍රිය මහතා,

බස්නාහිර පළාතේ ආණ්ඩුකාර ධුරය හරිම සුවිශේෂී ධුරයක්. මේ පළාත් සභා ඉතිහාසය පුරාවටම ප්‍රධාන ඇමැති, පළාත් සභාව සහ ආණ්ඩුකාරතුමා අතර පැවැති සම්බන්ධතාවයත් සුවිශේෂියි. හිටපු ආණ්ඩුකාර අලෙවි මවුලානා මහතාට පසු මැති ඇමැතිධුර දැරූ දේශපාලනය සිදු කළ අයෙක් තමයි දැන් මේ ධුරයට පත්ව තිබෙන්නේ. එතුමාගේ විෂය කෘෂිකර්මයයි. අපි ගොවියෝ. එතුමා මේ ධුරයට පත්වීම අපිට ආශිර්වාදයක් වේවි. කෘෂිකර්මයට වැඩි වැඩක් කරන්න අපිට ඉඩ ලැබේවි. හිටපු ආණ්ඩුකාර සහ නව වයඹ පළාත් ආණ්ඩුකාර කේ. සී. ලෝගේෂ්වරන් මහතා,

නව ආණ්ඩුකාර ආචාර්ය හේමකුමාර නානායක්කාර මහතා අපි විටින්විට මුණගැසුණා. එතුමා සුන්දර ඇඳුමක් අඳින ප්‍රසන්න අයෙක්. කාබනික කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් අපි විටන්විට සාකච්ඡා කළා. එමෙන්ම ආණ්ඩුකාර සංසදය වෙනුවෙන් අපි සාකච්ඡා සිදු කළා. අපි කතානායකතුමා සමඟත් සාකච්ඡා කළා. කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් සුවිශාල දැනුමක් ඔහුට තිබුණා. මම එතුමාට මුළු හදින්ම සුබ පතනවා.

මේ අවස්ථාවට එක්වූ නව ආණ්ඩුකාරවරයාට තිළිණයක් පිළිගැන්වීම ද සිදුකෙරිණි.

මේ අවස්ථාවට තිනියාවල පාලිත හිමියන්, පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර, බස්නාහිර පළාතේ ලේකම් ප්‍රදීප් යසරත්න, දකුණු පළාත් ප්‍රධාන ලේකම් ආර්. සී. ද සොයිසා මහතා ඇතුළු පිරිසක් අදහස් දැක්වූ අතර, පළාත් සභාවේ සභාපති සුනිල් විජේරත්න, ගාමිණී තිලකසිරි, රන්ජිත් සෝමවංශ, ලලිත් වනිගරත්න මැති ඇමැතිවරුන් මෙන්ම නානායක්කාර මහතාගේ පවුලේ ඥාතීන්, පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ නිලධාරින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

හිටපු බස්නාහිර පළාත් ආණ්ඩුකාර කේ. සී. ලෝගේෂ්වරන්, බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය, හේමකුමාර නානායක්කාර මහතාගේ වැඩිමහල් සොහොයුරු පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර ඇතුළු ආරාධිතයන් පිරිසක් ද මේ අවස්ථාවට එක්වූහ.

කොළඹ 03, ගාලුපාර, රොටුන්ඩා ගොඩනැගිල්ලේ, 5 වන මහලේ පිහිටි බස්නාහිර පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී නව බස්නාහිර පළාත් ආණ්ඩුකාර ආචාර්ය හේමකුමාර නානායක්කාර මහතා ‍ඊයේ (24) පෙරවරුවේ සුබ මොහොතින් රාජකාරි ඇරඹූ අයුරු.

ඡායාරූපය - සමන් ශ්‍රී වෙදගේ

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();