ජනප්‍රිය මෙන්ම ඓතිහාසික ස්ථානයක් වන කඩුගන්නාව ගල් බිංගෙයි හදිසියේ පැල්මක් මතු වී තිබෙනවා. මේ වන විට එම ස්ථානයෙන් රථවාහන ධාවනය තාවකාලිකව නවතා දමා ඇති අතර පිළියම් කරන තෙක් එම ස්ථානයට මුක්කු ගසා ආරක්ෂාව ලබා දීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.
එම කලුගලේ ඇති වී තිබෙන පැල්මට අමතරව බිංගෙය යටින් ඇති බැම්මද පුපුරා ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ. මේ අතර මාර්ග සංවර්ධන අධිකාරිය, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අදාළ ස්ථානයට ගොස් පරීක්ෂා කිරීම් සිදු කර තිබෙනවා.
කොළඹ නුවර ඒ 1 මාර්ගයේ මෙම ඓතිහාසික ගල් බිංගෙය උඩරට පිවිසුමේදී එහි සංඛේතවත් කෙරෙන ස්ථානයක් වනවා. 1828 සහ 1830 කාල වකවාණුවේදී මෙය නිර්මාණය කර ඇත්තේ කොළඹ නුවර මාර්ගය සංවර්ධනය කිරීමේදීයි.


from Gossip Lanka News & Video https://ift.tt/2K93QTM
via internet

0 Comments